එංගලන්ත ජාතික කණ්ඩායමෙන් ඉවත් කළ කෙවින් පීටර්සන් එංගලන්තයේ අන්තර් ප‍්‍රාන්ත තරගාවලියේදී සරේ කණ්ඩායම නියෝජනය කරමින් ලෙස්ටෂයර් ප‍්‍රාන්ත කණ්ඩායමට එරෙහිව වේගවත් ලකුණු 326 ක් ලබා ගැනීමට සමත් විය. මෙම ඉනිම නිසා එළඹෙන ‘අළු බඳුන’ ටෙස්ට් තරගාවලියේදී එංගලන්ත ජාතික කණ්ඩායම නැවතත් නියෝජනය කිරීමට කෙවින් පීටර්සන්ට වැඩි අවස්ථාවක් උදාවී ඇති බව එංගලන්ත ක‍්‍රිකට් ප‍්‍රධාන විධායක ටොම් හැරිසන් මාධ්‍යට ප‍්‍රකාශ කර තිබේ.
කෙවින් පීටර්සන්ගේ ක‍්‍රිකට් දිවියේ ලබාගත් පළමු ත‍්‍රිත්ව ශතකයද (326) මෙය වන අතර ඔහු මීට පෙර එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ලකුණු 227 ක්ද පළමු පෙළ තරගයකදී නොදැවී ලකුණු 254 ක්ද ලබා තිබුණි.
ලෙස්ටෂයර් කණ්ඩායම සමග පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහදීමට සරේ කණ්ඩායම තීරණය කළේය. එහිදී ලකුණු 51 ක් වන විට සරේ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ක‍්‍රීඩාගාරයේ සිටියදී කුමාර් සංගක්කාර සමග එකතුවූ කෙවින් පීටර්සන් තෙවැනි කඩුල්ලට ලකුණු 55 ක් එක් කළේය. එහිදී සංගක්කාර ලකුණු 36 කට දැවී යාමෙන් පසුව එක්දින තරගයක මෙන් ලකුණු ලබාගැනීමට පීටර්සන් සමත්විය.
කෙවින් පීටර්සන්ගේ ත‍්‍රිත්ව ශතකය සඳහා පන්දු 373 ක් වැය වන අතරවාරයේදී හයේ පහර 14 ක් සහ හතරේ පහර 34 ක් ඊට එක් කිරීමට පීටර්සන් සමත් විය. පීටර්සන් ත‍්‍රිත්ව ශතකය ලබා ගැනීමේදී සරේ කණ්ඩායමේ කිසිදු පිතිකරුවකු අර්ධ ශතකයක් හෝ වාර්තා නොකිරීම විශේෂත්වයකි. මෙම සිව්දින තරගයේ තෙවැනි දිනය අද දිනයේදී ක‍්‍රියාත්මක වීමට නියමිතව තිබේ.
ලෙස්ටෂයර් - පළමු ඉනිම 292 යි
(ලූවිස් හිල් 126, බෙන් රේන් 57, මැතිව් ඩන් 74/4, ටොම් කරන් 74/3 යි)
සරේ - පළමු ඉනිම කඩුලූ 9 ට 528 යි
(කුමාර් සංගක්කාර 36, කෙවින් පීටර්සන් නොදැවී 326, ක‍්‍රිස් ටේරම්ලට් 30, ක්ලින්ට් මැකේ 78/3, ජිගර් නයික් 114/2 යි)
-033
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.