Last Update  :  2025-07-25 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පිතිකරුවෝ රාජස්ථාන් පිලට ජය ගෙනෙති
අයි.පී.එල්.- 2022

පිතිකරුවෝ රාජස්ථාන් පිලට ජය ගෙනෙති

editorial - 2022 මාර් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිතිකරුවන්ගේ කැපී පෙණුන දක්ශතා හමුවේ ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ 5 වැනි තරගය ලෙස සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර පූනේහි මාහාරාෂ්ඨ ක‍්‍රිකට් සංගම් කී‍්‍රඩාංගණයේදී අද (29 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 61 ක ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 211 ක ඉලක්කයක් හඹාගිය හයිද්‍රාබාද් කණ්ඩායමට යුස්වේන්ද්‍ර චාහල් ප්‍රමුඛ රාජස්ථාන් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 149 ක් පමණි. එහිදී චාහල් ලකුණු 22 කට කඩුලු 3 ක් දවාගත් අතර ප්‍රසිධ් ක්‍රිෂ්ණා සහ ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 2 බැගින් බිඳහෙළූහ.

හයිද්‍රාබාද් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ඒඩ්න් මාක්‍රම් පන්දු 41 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 57 ක් රැස්කළේය. ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ වොෂින්ටන් සුන්දර් පන්දු හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග පන්දු 14 කින් ලකුණු 40 ක් රැස්කළ නමුත් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට තරම් එය ප්‍රමාණවත් නොවීය.

පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් කන්ඩායම  ඕවර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 210 ක් රැස්කළේය. එහිදී නායකත්වයේ පිතිහරඹයක නිරත වූ සංජු සැම්සන් පන්දු 27 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 55 ක් රැස්කළ අතර දෙව්දූත් පඩික්කල් (41) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 41 කදී ලකුණු 74 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. පන්දු 29 කදී වාර්තා වූ පඩික්කල්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය. 

ජොස් බට්ලර් (35) සහ යෂස්වි ජයිස්වාල් (20) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 41 කදී ලකුණු 58 ක සම්බන්ධතාවක් ගොඩනගමින් රාජස්ථාන් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. පන්දු 28 කදී වාර්තා වූ බට්ලර්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක්ද, පන්දු 16 කදී වාර්තා වූ ජයිස්වාල්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක්ද ඇතුලත් විය. 

රාජස්ථාන් ඉනිමේ අවසන්  ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ ශිම්රන් හැට්මෙයර් පන්දු 13 කින් ලකුණු 32 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි. රියාන් පරාග් (12) සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 19 කදී ලකුණු 44 ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට ගෙන යෑමටද හැට්මෙයර් සමත් විය. 

රාජස්ථාන රෝයල්ස් පිල -  ඕවර 20 කදී කඩුලු 6 කට 210 

(ජොස් බට්ලර් 35, යෂස්වි ජයිස්වාල් 20, සංජු සැම්සන් 55, දෙව්දූත් පඩික්කල් 41, ශිම්රන් හැට්මෙයර් 32, උම්රාන් මලික්, ටී. නටරාජන් 43/2) 

සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 149

(ඒඩ්න් මාක්‍රම් නොදැවී 57, රෙමාරියෝ ශෙපර්ඩ් 24, වොෂින්ටන් සුන්දර් 40, යුස්වේන්ද්‍ර චාහල් 22/3, ප්‍රසිධ් ක්‍රිෂ්ණා 16/2, ට්‍රෙන්ට් බෝල්ට් 23/2)

-036 


අදහස් (0)

පිතිකරුවෝ රාජස්ථාන් පිලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.