Last Update  :  2026-03-23 12:04:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පිතිකරුවන්ගේ දඩබිමකදී මෙවිඳු විශිෂ්ට පන්දු යැවීමක
74 වැනි රන් හටන

පිතිකරුවන්ගේ දඩබිමකදී මෙවිඳු විශිෂ්ට පන්දු යැවීමක

editorial - 2026 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශතක 4 ක් වාර්තා වු පිතිකරුවන්ගේ දඩබිමක් බඳුූ තණතීරුවකදී වමතින් දඟ පන්දු යවන මෙවිඳු කුමාරසිරිගේ (107/7) විශිෂ්ට පන්දු යැවීම නිසා මොරටු විදුහලේ අවසන් කඩුලු 8 ම ලකුණු 35 ක් ඇතුළත වැටිණ. එසේ වුවත්, දෙවැනි ඉනිම දෙකේදීම පිතිකරුවන්ගේ දස්කම් යළිත් ඉස්මතු වූ හෙයින්, මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී පැවැති 74 වැනි රන් හටන ජය පරාජයෙන් තොරව නිමාවිය. 

පළමුවෙන් පන්දුවට පහර දුන් පානදුර ශ්‍රී සුමංගල ක්‍රීඩකයෝ කඩුලු 7 කට ලකුණු 408 ක් ලබාගනිමින් සිය ඉනිම අත්හිටවූහ. සුමංගලය වෙනුවෙන් නේක්‍ෂ ඉද්දමල්ගොඩ (136) සහ සන්දීප් විජේරත්න (116) අගනා ශතක ලබාගත්හ. 

ඔසඳ ජයවික්‍රම සහ දෙනෙත් සිතුමිණ ලබාගත් ශතක දෙකට ස්තුතිවන්නට, තරගයේ දෙවැනි දිනය වූ සෙනසුරාදා ක්‍රීඩාව නතර කරන විට මොරටු විදුහල කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු 237 ක් ලබා සිටියේය. 

එහෙත් තරගයේ තුන්වැනි දිනය වූ ඉරිදා පිතිකරුවන් තනි අතින් කරකැවූ මෙවිඳු කු-මාරසිරි, විශිෂ්ට පන්දු යැවීමක යෙදෙමින් ලකුණු 107 කට කඩුලු 7 ක් දවාගනිමින් සිය පන්දු යැවීම අවසන් කළේය. ඔහුගේ පන්දු යැවීමේ ප්‍රතිඵලය වූයේ මොරටු විදුහලේ අවසන් කඩුලු 8 ම ලකුණු 35 ක් ඇතුළත දැවී යාමයි. 

දෙවැනි ඉනිමේදීත් කඩුලු 2 කට ලකුණු 134 ක් ලබාගත් ශ්‍රී සුමංගල පිතිකරුවෝ තරගය ජයගැනීම සඳහා ලකුණු 271 ක් ලබාගන්නා ලෙෂ මොරටු විදුහලට අභියෝග කළහ. තරගය නතර කරන විට මොරටු විදුහල් පිල කඩුල්ලක් දැවී ලකුණු 97 ක් ලබා සිටියේය. 


ශ්‍රී සුමංගල විදුහල - පළමු ඉනිම කඩුලු 7 ට 408 යි
(නේක්ෂ ඉද්දමල්ගොඩ 136, සන්දීප් විජේරත්න 116, විදුර බාසුරු 77, පන්සිලු සිල්වා 34, උමන්ත ආකාශ් 21, සඳුන් සුවාරිස් 13/2, මේනුක කොතලාවල 78/2)

මොරටු මහ විදුහල - පළමු ඉනිම 272 යි
(ඔසඳ ජයවික්‍රම 117, දෙනෙත් සිතුමිණ 105, විසල් සිරිවර්ධන 17, මෙවිඳු කුමාරසිරි 107/7, බිහඟ සිල්වා 50/3)

ශ්‍රී සුමංගල විදුහල - දෙවැනි ඉනිම කඩුලු 2 ට 134 යි
(විදුර බාසුරු නොදැවී 60, නේක්ෂ ඉද්දමල්ගොඩ නොදැවී 54, දිමරු ප්‍රනාන්දු 49/2)

මොරටු විදුහල - දෙවැනි ඉනිම කඩුලු 1 ට 97 යි
(ඔසඳ ජයවික්‍රම 41, දෙනෙත් සිතුමිණ නොදැවී 51)


අදහස් (0)

පිතිකරුවන්ගේ දඩබිමකදී මෙවිඳු විශිෂ්ට පන්දු යැවීමක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.