Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පිතිකරුවන් මන්දගාමී ගමනක
මොරටු රන් හටන

පිතිකරුවන් මන්දගාමී ගමනක

editorial - 2024 මාර් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය) 

මොරටුවේ ප්‍රධානතම පාසල් දෙකක් වන ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ වේල්ස් කුමර විද්‍යාලය අතර මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී අද (8 වැනිදා) ආරම්භ වූ මහ ක්‍රිකට් තරගයේ පළමු දිනයයේදී අර්ධ ශතක දෙකක් පමණක් වාර්තා විය. දෙපිලේම පළමු ඉනිම ඕවර 60 කට සීමාවන මෙම තරගයේදී පන්දු යවන්නන් වෙතින් වැඩි දස්කම් දක්නට නොලැබුණ නමුත් පිතිකරුවෝ මන්දගාමී ලකුණු රැස්කිරීමක නිරත වූහ.
 
පළමුවෙන් පන්දුවට පහර දුන් වේල්ස් කුමර විදුහල ලකුණු 219 කට දැවී ගියේය. ඊට පිළිතුරු ලෙසින් ශාන්ත සෙබස්තියන් පිතිකරුවෝ තරගයේ පළමු දිනය නිමාවන විට කඩුලු 3 ක් දැවී ලකුණු 139 ක් රැස්කර තිබිණ. මෙම තරගවාරය පුරාම සෙබස්තියන් විදුහලේ සාර්ථකම පිතිකරුවා වූ විමත් දින්සර හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 51 ක් ලබාගත්තේය. 


වේල්ස් කුමර විදුහල - පළමු ඉනිම 219 යි
(රුසඳු ද සිල්වා 10, සුවහස් ප්‍රනාන්දු 52, සචිර දේමින් 31, ඔෂාන් ද සිල්වා 37, නවීන් ප්‍රනාන්දු 30, උනෙත් පීරිස් 37, අදේශ් අල්මේදා 27/2, මනුජ චන්තුක 82/2, මලින්ත සිල්වා 70/3)

ශාන්ත සෙබස්තියන් විදුහල - පළමු දිනය නිමාවන විට කඩුලු 3 ට 139 යි
(ජානක සිල්වා 30, විමත් දින්සර 51, අදේශ් අල්මේදා නොදැවී 45)


අදහස් (0)

පිතිකරුවන් මන්දගාමී ගමනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.