Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද සහ රොෂාන් ගුණරත්න)
ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ තෙවැනි අදියර (2022) සඳහා අද (5 වැනිදා) ක්‍රීඩක කාණ්ඩගත කිරීමේදී ශ්‍රී ලංකා විස්සයි-20 ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වී නොමැත. ඔහු ඉකුත් වසරේ (2021) පැවැති එල්.පී.එල්. තරගාවලියේදී කලම්බෝ ලයන්ස් කණ්ඩායමට ක්‍රීඩා කළේය.
අවසන් වරට එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කළ පැතුම්, ඉකුත් ජූනි මාසයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලියේදීද ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවාගේ භූමිකාවට පණ පෙවීය.
කණ්ඩායම් හිමිකරුවන් විසින් අදියර 20 කදී දේශීය ක්‍රීඩකයන් 14 දෙනකු සහ විදේශීය ක්‍රීඩකයන් 6 දෙනකු බැගින් සිය කණ්ඩායම් සඳහා මිලදී ගනු ලැබූහ. ක්‍රීඩක කාණ්ඩගත කිරීමට පෙර දේශීය ක්‍රීඩකයන් දෙදෙනකු සහ විදේශීය ක්‍රීඩකයන් දෙනෙකු ඍජුවම එක්කර ගැනීම සඳහා කණ්ඩායම් සියල්ලටම අවස්ථාව හිමි විය.
ඊට අමතරව ඉකුත් වසරේදී එක් එක් කණ්ඩායම් නියෝජනය කළ ක්‍රීඩකයන් අතරින් දේශීය ක්‍රීඩකයන් සිවුදෙනා බැගින් සහ විදේශීය ක්‍රීඩකයන් දෙදෙනා බැගින් මෙම වසරේදීත් එම කණ්ඩායම්වලම රඳවා ගැනීම සඳහාද තරගාවලියේ සංවිධායකයන් ඔවුන්ට අවස්ථාව ලබා දී තිබිණ.
ක්‍රීඩක කාණ්ඩගත කිරීමෙන් පසුව එක් එක් කණ්ඩායම් මිලදී ගෙන ඇති ක්‍රීඩකයන්
කලම්බෝ ස්ටාර්ස්
ඩ්වේන් ප්‍රේටෝරියස්, ඇන්ජලෝ මැතිව්ස්, අසීෆ් අලී, චරිත් අසලංක, ඩොමිනික් ඩර්ක්ස්, ෆාසාල්හක් ෆාරූකි, නවීන් උල් හක්, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, ධනංජය ලක්ෂාන්, කරීම් ජානට්, සීකුගේ ප්‍රසන්න, ජෙෆ්රි වැන්ඩසේ, ඉෂාන් ජයරත්න, මුදිත ලක්ෂාන්, ලක්ෂිත මනසිංහ, කෙවින් කොත්තිගොඩ, චතුරංග කුමාර, නවෝද් පරණවිතාන, චමෝච් බට්ටගේ
දඹුල්ල ජයන්ට්ස්
ඩී'ආසි ශෝට්, දසුන් ශානක, බෙන් කටින්, භානුක රාජපක්ෂ, සංදීප් ලැමිචේන්, ටිම් සෙයිෆර්ට්, හෙයිඩර් අලී, චතුරංග ද සිල්වා, රමේෂ් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, ශෙල්ඩන් කොට්‍රල්, තරිඳු රත්නායක, ප්‍රමෝද් මදුෂාන්, ලසිත් කෘස්පුල්ලේ, කළණ පෙරේරා, දිලුම් සුධීර, සචිත ජයතිලක, දුෂාන් හේමන්ත, සාචා ද අල්විස්, රවිඳු ප්‍රනාන්දු
ගාල්ල ග්ලැඩියේටර්ස්
ඉමාඩ් වසීම්, ධනුෂ්ක ගුණතිලක, ෆහීම් අස්රාෆ්, දුෂ්මන්ත චමීර, ජනේමාන් මාලන්, කුයිස් අහ්මඩ්, අසාම් ඛාන්, කුසල් මෙන්ඩිස්, ලක්ෂාන් සඳකැන්, නුවන් තුෂාර, සර්ෆරාස් අහ්මඩ්, පුලින තරංග, නුවනිඳු ප්‍රනාන්දු, නිමේෂ් විමුක්ති, මොවින් සුබසිංහ, නිපුන් මාලිංග, සචිඳු කොළඹගේ, ලක්ෂාන් ගමගේ, තරිඳු කෞෂාල්, සම්මු අෂාන්
කැන්ඩි වොරියර්ස්
කාලෝස් බ්‍රැත්වෙයිට්, වනිඳ හසරංග, ෆේබියන් ඇලන්, චාමික කරුණාරත්න, ඇන්ඩෘ ෆ්ලෙචර්, ඩෙවල්ඩ් බ්‍රෙවිස්, ක්‍රිස් ග්‍රීන්, ඉසුරු උදාන, අශේව් බණ්ඩාර, උස්මාන් ශින්වාරී, කමිඳු මෙන්ඩිස්, අෂාන් ප්‍රියංජන්, මිනෝද් භානුක, අවිශ්ක පෙරේරා, අෂීන් ඩැනියල්, මාලින්ද පුෂ්පකුමාර, ජනිත් ලියනගේ, ලසිත් අබේරත්න, කෙවින් බණ්ඩාර
ජැෆ්නා කිංග්ස්
එවින් ලුවිස්, තිසර පෙරේරා, හාර්ඩස් විජොයින්, ධනංජය ද සිල්වා, ශොයිබ් මලික්, ශහනාවාස් දහනි, රහ්මනුල්ලා ගුර්බාස්, මහීෂ් තීක්‍ෂණ, බිනුර ප්‍රනාන්දු, දුනිත් වෙල්ලාලගේ, ට්‍රිස්ටන් ස්ටුබ්ස්, ප්‍රවීන් ජයවික්‍රම, සදීර සමරවික්‍රම, දිල්ෂාන් මදුශංක, නිපුන් ධනංජය, විජයකාන්ත් වියස්කාන්ත්, තීසන් විදුෂාන්, ටී ඩිනෝෂන්, අෂාන් රන්දික
sachith Wednesday, 06 July 2022 10:39 AM
ලෝකයේ හොඳම වි 20 පිතිකරුවන් 10 අතරේ ඉන්න එකම ශ්‍රී ලාංකිකයා, මෙයාටත් තැනක් නෑ කියන්නේ ඉතින්... අනේ මන්දා...?
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.