Last Update  :  2025-09-08 13:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පැතුම් නිස්සංකගෙන් ද්විත්ව ශතකයක්

පැතුම් නිස්සංකගෙන් ද්විත්ව ශතකයක්

සංජය එරමුදුගොඩ - 2016 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී රාජගිරිය ජනාධිපති විදුහල් පිලට එරෙහිව ඉනිමක සහ ලකුණක ජයක් ලබාගැනීමට ඉසිපතන විදුහල් පිල අද (14 වැනිදා) සමත්විය. මෙම තරගය කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ප්‍රවේගකාරී පිතිහරඹයක නිරතවූ දකුණත් පිතිකරු පැතුම් නිස්සංක පන්දු 188 කදී හතරේ පහර 29 ක් සහ හයේ පහර හතරක් සමගින් නොදැවී ලකුණු 205 ක් රැස්කරමින් ඉසිපතන විදුහල් පිල ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා ගෙනයෑමට සමත්විය.


රාජගිරිය ජනාධිපති විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 41.5 කදී සියලුදෙනා දැවී ලකුණු 145
(හිරුණ සිගේරා 35, ශානක බණ්ඩාර 30, මොහොමඞ් රිෆාස් 22, මදුශික සඳරුවන් 30/4, නෙරංජන් වන්නිආරච්චි 33/3, ළහිරු ඩිල්ෂාන් 30/2)

ඉසිපතන විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 60 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 319
(පැතුම් නිස්සංක නොදැවී 205, සංජුල බණ්ඩාර නොදැවී 31, හේෂාන් ප්‍රනාන්දු 25, කළන පෙරේරා 22, තනුල චමෝද් 79/2)

රාජගිරිය ජනාධිපති විද්‍යාලය - දෙවන ඉනිම - ඕවර 66 කදී සියලුදෙනා දැවී ලකුණු 173
(හිරුණ සිගේරා 86, ළහිරු ඩිල්ෂාන් 31/4, මදුශික සඳරුවන් 57/2)

 


අදහස් (0)

පැතුම් නිස්සංකගෙන් ද්විත්ව ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.