Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාසල් රැසකට කි‍්‍රකට් උපකරණ බෙදයි

පාසල් රැසකට කි‍්‍රකට් උපකරණ බෙදයි

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් කි‍්‍රකට් සංගමය තෝරාගන්නා ලද පාසල් කිහිපයකට කි‍්‍රකට් පන්දු සහ ලණු පැදුරු බෙදාදීමේ උත්සවයක් කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සහ ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් කී‍්‍රඩා අමාත්‍යංශ ශ‍්‍රවණාගාරයේදී ඊයේ (5 වැනිදා) පැවැත්විණි.

 

පාසල් 35 කට ලණු පැදුරු බෙදාදුන් අතර වයස 19 න් පහළ I කාණ්ඩයේ සහ II කාණ්ඩයේ කී‍්‍රඩා කරන පාසල් 178 කට කි‍්‍රකට් පන්දු 4000 ක් බෙදාදෙන ලදි.

 

ශ්‍රී ලංකා පාසල් කි‍්‍රකට් සංගමයේ ලේකම් ඩිල්ෂාන් ද සිල්වා, ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා, එම ආයතනයේ මෙහෙයුම් ප‍්‍රධානී කාල්ටන් බර්නාඩස් යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ.

 

මෙම ක්‍රිකට් උපකරණ සහ ලණු පැදුරු බෙදා දීම සදහා පාසල් තෝරාගන්නා ලද්දේ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසිනි. එහිදී මහර බන්ධනාගාර ක්‍රීඩාංගණයත් ඊට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් රැසකම ක්‍රිකට් තරග මහර බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බැවිනි.

 

පාසල් ක්‍රිකට් තරග සදහා රුපියල් 500 ක් වැනි සහන මිලකට මහර බන්ධනාගාර ක්‍රීඩාංගණය දෙන බවත් පාසල් ක්‍රිකට් සංගමය කියයි.

 

කුරුදුවත්ත රාජකීය විද්‍යාලය යනු නාවලපිටිය ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙන පාසලකි.


ශ්‍රී ලංකා පාසල් කි‍්‍රකට් සංගමය සහ ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය, කී‍්‍රඩා අමාත්‍යංශය සමග එක්ව මෙය සංවිධානය කළේය.

 

කි‍්‍රකට් ලණු පැදුරු බෙදාදෙන ලද පාසල් සහ ක්‍රීඩාංගණ

  • උරාපොල මධ්‍ය මහ විදුහල
  • ගිරිඋල්ල වික‍්‍රමශීලා මධ්‍ය මහ විදුහල
  • මාතර විජිත මැදි විදුමල
  • කුඩාබුත්ගමුව ශ්‍රී රාජසිංහ මහ විදුහල
  • රත්ගම දේවපතිරාජ විදුහල
  • හෙට්ටිපොල මහින්දෝදය විදුහල
  • පානදුර ශාන්ත ජෝන් විදුහල
  • මහර බන්ධනාගාර ක්‍රීඩාංගණය
  • බලංගොඩ ජෙලානි ජාතික පාසල
  • වව්නියාව දෙමල මධ්‍ය මහ විදුහල
  • කෝට්ටේගොඩ ගොඩඋඩ මහ විදුහල
  • නාත්තන්ඩිය ධම්මිස්සර මහ විදුහල
  • බණ්ඩාරවෙල දෙමල මධ්‍ය මහ විදුහල
  • බදුල්ල ධර්මදුත විදුහල
  • මොරටුව ජනජය මධ්‍ය මහ විදුහල
  • බණ්ඩාරවෙල ධර්මපාල ද්වියිතීක පාසල
  • රාජගිරිය ජනාධිපති විදුහල
  • නිකවැරටිය ජයන්ති‍්‍ර නවෝද්‍යා මධ්‍ය මහ විදුහල
  • කෙසෙල්වත්ත චන්ද්‍රසේකර මහ විදුහල
  • බණ්ඩාරවෙල ධර්මාශෝක මධ්‍ය මහ විදුහල
  • කුරුඳුවත්ත රාජකීය විදුහල
  • කුලියාපිටිය මධ්‍ය මහ විදුහල
  • කළුතර ඥානෝදය මහ විදුහල
  • මොරටුව මෙතෝදිස්ත උසස් පාසල
  • අකුරන අසාර් විදුහල
  • හොරණ රාජකීය විදුහල
  • ගල්කිස්ස ලලිත් ඇතුළත්මුදලි මහ විදුහල
  • ගෝනපීනුවාවල සාරාලංකාර විදුහල
  • මෝදර ද ලාසාල් විදුහල
  • ගන්කන්ද මැදි විදුහල
  • නිට්ටඹුව විද්‍යාලෝක විදුහල
  • හොරණ තක්ෂිලා විදුහල
  • වැලිමඩ මැදි විදුහල
  • වැල්ලම්පිටිය සේදවත්ත මහ විදුහල
  • හුංගම විජයබා ජාතික පාසල

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


-    036

 


අදහස් (0)

පාසල් රැසකට කි‍්‍රකට් උපකරණ බෙදයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.