Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට නැවතත් සිංගර් අනුග‍්‍රහය

පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට නැවතත් සිංගර් අනුග‍්‍රහය

ශනුක අරවින්ද - 2015 ජන මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිංගර් ශ්‍රී ලංකා සමාගම පිට පිටම දෙවැනි වරටත් පාසල් ක‍්‍රිකට් සංගමයේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා බවට පත්ව සිටියි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ වර්තමාන දියුණුවේ දැවැන්ත කොටස්කරුවකු වන සිංගර් සමාගම පසුගිය වසරේ සිට පාසල් ක‍්‍රිකට් සංගමයට වසර තුනක් දක්වා අනුග‍්‍රහය දැක්වීමට එකඟතාව පළ කර තිබුණි.

මෙවර අනුග‍්‍රහය නිලවශයෙන් පිරිනැමීම පසුගියදා කොළඹ වෙළෙද සේවා ක‍්‍රිකට් සංගම් මූලස්ථානයේ පැවැත්විණි. 

පාසල් ක‍්‍රිකට් සංගමය වාර්ෂිකව සංවිධානය කරන වයස 13 න්, 15 න්, 17 න් සහ 19 න් පහළ තරගාවලිවලට සිංගර් සමාගම අනුග‍්‍රහය දක්වයි. ඊට අමතරව සිංගර් සමාගම අඩු පහසුකම් ඇති පාසල් රැසකට ද අනුග‍්‍රහය දක්වීමට සූදානමින් සිටියි. 

ශ්‍රී ලංකාවේ විශාලතම පාසල් තරගාවලිය පාසල් ක‍්‍රිකට් සංගමය මෙහෙයවන වයස් කාණ්ඩ හතරේ ක‍්‍රිකට් තරගාවලි වන අතර මෙයට තරග 8000 කට අධික සංඛ්‍යාවක් ඇතුළත් වේ. මෙම වයස කාණ්ඩ තරගාවලි හතරට පාසල් කණ්ඩයම් 1900 කට අධික සංඛ්‍යාවක් සහභාගි වීම කැපී පෙනේ.  

මෙවර වයස 19 න් පහළ තරගාවලියේදී ‘සිංගර්’ සමාගමේ යෝජනාවකට අනුව සතියේ දක්‍ෂතම ක‍්‍රීඩකයෙක් තෝරා සම්මාන පිරිනැමීමට ද නියමිතය.

අනුග‍්‍රහ පිරිනැමීමේ අවස්ථාවට සහභාගි වූ සිංගර් සමාගමේ වෙළෙද අධ්‍යක්‍ෂ කුමාර් සමරසිංහ මහතා පැවසුවේ මෙම තරගාවලියේ ජනප‍්‍රියම ක‍්‍රීඩකයන් තේරීමක් සිදුනොවන බවත් සතියකට දක්‍ෂතම ක‍්‍රීඩකයකු තේරීමට කටයුතු කරන බවත්ය. 

”මෙහිදී අපි ක‍්‍රීඩකයන්ගේ දක්‍ෂතාවට අවස්ථාව දෙනවා. ජනප‍්‍රිය ක‍්‍රීඩකයන් තේරීමට වෙනත් පාර්ශව කටයුතු කරනවා” යැයි සමරසිංහ මහතා වැඩි දුරටත් පැවසීය.

 


අදහස් (0)

පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට නැවතත් සිංගර් අනුග‍්‍රහය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.