Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පානදුර සුමංගලය අවසන් පූර්ව වටයට

පානදුර සුමංගලය අවසන් පූර්ව වටයට

editorial - 2023 මාර් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් II කොටසේ ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට පානදුර ශ්‍රී සුමංගල විදුහල සමත් විය. 

මොරටු මහ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කළුතර විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් සුමංගල ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන්කරවා ගත්හ. 

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ සුමංගල විදුහලේ කවිඳු ගයාත්‍ර (104) ශතකයක් ලබාගත් අතර කළුතර විද්‍යාලයේ තීක්ෂණ පෙරේරා ලකුණු 123 කට කඩුලු 8 ක් බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. 

ශ්‍රී සුමංගල විදුහල් පළමු ඉනිම - ඕවර 86.2 කදී සියලු දෙනා දැවී 245 
(කවිඳු ගයාත්‍ර 104, ක්‍රිෂාන් එරංග 27, රසික දිල්ෂාන් 21, දිනුක තිසර 52/4, තීක්ෂණ පෙරේරා 52/2) 

කළුතර විදුහල් පළමු ඉනිම - ඕවර 56.5 කදී සියලු දෙනා දැවී 156 
(යුතික සිල්වා 50, තීක්ෂණ පෙරේරා නොදැවී 30, ඉමල්ක ප්‍රනාන්දු 49/3, දුරන්ක සිල්වා 18/2, රසික දිල්ෂාන් 31/2) 

ශ්‍රී සුමංගල විදුහල් දෙවැනි ඉනිම - ඕවර 64.3 කදී සියලු දෙනා දැවී 180
(සචිර ඩේමියන් 39, දනිඳු ප්‍රනාන්දු 34, විදුෂ පීරිස් 34, තීක්ෂණ පෙරේරා 71/6, 

 


අදහස් (0)

පානදුර සුමංගලය අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.