Last Update  :  2025-05-08 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තානුවෝ විස්සයි-20 තරගාවලිය සම කරති

පාකිස්තානුවෝ විස්සයි-20 තරගාවලිය සම කරති

editorial - 2022 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව කරච්චි නුවරදී පැවැති සිවුවැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 3 ක තියුණු ජයක් ලැබූ පාකිස්තාන ක්‍රීඩකයෝ, දෙරට අතර පැවැත්වෙන තරග 7 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 2-2 ක් ලෙස සම තත්ත්වයට පත්කිරීමට සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 167 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට හාරිස් රවුෆ් සහ මොහොමඩ් නවාස් ප්‍රමුඛ පාකිස්තාන පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 19.2 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 163 ක් පමණි. එහිදී රවුෆ් සහ නවාස් කඩුලු 3 බැගින් දවාගත්හ.

එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් බවට පත්වූ හැරී බෘක් සහ ලයෑම් ඩේව්සන් ලකුණු 34 බැගින් රැස්කළහ. පන්දු 29 කදී වාර්තා වූ බෘක්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් වූ අතර පන්දු 17 කදී වාර්තා වූ ඩේව්සන්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 166 ක් රැස්කළ අතර එහිදී ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් සිය 19 වැනි විස්සයි-20 අර්ධ ශතකය ලබාගත්තේය. පන්දු 67 කට මුහුණදුන් ඔහු හයේ පහරකින් සහ හතරේ පහර 9 කින් සිය ඉනිම සැරසුවේය.

නායක බාබර් අසාම් (36) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 71 කදී ලකුණු 97 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද රිස්වාන් සමත් වූ අතර පන්දු 29 කදී වාර්තා වූ බාබර්ගේ ඉනිමට හතරේ පහර 3 ක් අන්තර්ගත විය. අසීෆ් අලී පන්දු 3 කින් නොදැවී ලකුණු 13 ක් රැස්කළේ හයේ පහර 2 ක් සමගිනි.


පාකිස්තානය - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 166
(මොහොමඩ් රිස්වාන් 88, බාබර් අසාම් 36, ශාන් මසූද් 21, අසීෆ් අලී නොදැවී 13, රීස් ටොප්ලි 37/2)

එංගලන්තය - ඕවර 19.2 කදී සියලු දෙනා දැවී 163
(බෙන් ඩුකට් 33, හැරී බෘක් 34, මුයින් අලී 29, ලයෑම් ඩේව්සන් 34, හාරිස් රවුෆ් 32/3, මොහොමඩ් නවාස් 35/3, මොහොමඩ් හස්නයින් 40/2)

 

-036

 


අදහස් (0)

පාකිස්තානුවෝ විස්සයි-20 තරගාවලිය සම කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.