Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බංග්ලාදේශයට එරෙහිව චිතගොන්හිදී සහුර් අහමඞ් චෞද්‍රි ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ජයගැනීම සඳහා ලකුණු 202 ක ඉලක්කයක් හඹායන පාකිස්තානය, තරගයේ සිවුවැනි දිනය අවසන් වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 109 ක් ලබා සිටියේය. ඒ අනුව තරගයෙන් ජයගැනීම සඳහා පාකිස්තානයට අවශ්‍ය වන්නේ තවත් ලකුණු 93 කි. ඒ වෙනුවෙන් පාකිස්තානය සතුව කඩුලූ 10 ම ඉතිරිව තිබේ.
සිව්වැනි දිනය සඳහා තරගය නතර කරන විට පාකිස්තානු ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන අබීඞ් අලී හතරේ පහර 6 ක් සමග ලකුණු 56 ක්ද, අබ්දුල්ලා ශෆීක් හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 53 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
පාකිස්තාන පළමු ඉනිමේදී දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලූ 7 ක් දවාගත් තයිජුල් ඉස්ලාම්, අද දිනයේදී ඕවර 16 ක් යැවූ නමුත් ඔහුට කඩුල්ලක් දවාගැනීමට නොහැකි විය.
තෙවැනි දිනය වූ අද (29 වැනිදා) තරගය නතර කරන විට කඩුලූ 4 ක් දැවී ලකුණු 39 ක් ලබා සිටි බංග්ලාදේශ කණ්ඩායමට අද දිනයේදී සියලූ දෙනා දැවී සිය දෙවැනි ඉනිමට එක්කර හැකි වූයේ තවත් ලකුණු 118 ක් පමණි. එහිදි දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශහීන් අෆ්රිඩි ලකුණු 32 කට කඩුලූ 5 ක් දවාගත් අතර බංග්ලාදේශ ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් සජිඩ් ඛාන් ලකුණු 33 කට කඩුලූ 3 ක් බිඳහෙළුවේය.
බංග්ලාදේශ පළමු ඉනිමේදී ශතකයක් ලබාගත් ලිටන් දාස්, දෙවැනි ඉනිමේද වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් හතරේ පහර 6 ක් සමග ලකුණු 59 ක් රැුස්කළේය. ලකුණු 36 ක් ලබා සිටියදී යසිර් අලී ආබාධයකයට ලක්වීම නිසා අතිරේක කී‍්‍රඩක නුරුල් හසන්ට කණ්ඩායමට ඇතුළත්වීමේ අවස්ථාව හිමිවුවත්, එහිදී ඔහුට හතරේ පහර 3 ක් සමග රැස්කරගත හැකි වූයේ ලකුණු 15 ක් පමණි.
බංග්ලාදේශ පළමු ඉනිම - සියලූ දෙනා දැවී 330
පාකිස්තාන පළමු ඉනිම - සියලූ දෙනා දැවී 286
බංග්ලාදේශ දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී 157
(සයිෆ් හසන් 18, මුෂ්ෆිකුර් රහීම් 16, යසිර් අලී 36, ලිටන් දාස් 59, නුරුල් හසන් 15, ශහීන් අෆ්රිඩි 32/5, සජීඩ් ඛාන් 33/3, හසන් අලී 52/2)
පාකිස්තාන දෙවැනි ඉනිම - කිසිවකු නොදැවී 109
(අබීඩ් අලී නොදැවී 56, අබ්දුල්ලා ශෆීක් නොදැවී 52)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.