Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලබන මාසයේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය පාකිස්තානයේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ෂොයිබ් මලික්ට අහිමි වී තිබේ. ඒ වෙනුවෙන් 15 දෙනකුගෙන් සමන්විත සංචිතයක් නම්කළ පාකිස්තානු තේරීම් කමිටුව පළපුපුරුදු තුන් ඉරියව් ක්‍රීඩකයකු මෙන්ම හිටපු නායකයකුද වන ෂොයිබ් මලික් මෙවර ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කර තිබේ.
ෂොයිබ් මලික්ට මෙන්ම තවත් හිටපු නායකයකු වන සර්ෆ්‍රාස් අහමඞ්ටද කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබේ. මේ දෙදෙනාටම කණ්ඩායමේ ස්ථාන අහිමි වී ඇත්තේ වසර දෙකක පමණ කාලයක් තිස්සේ පාකිස්තානු කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවන් අසාර්ථක වෙමින් සිටියදීය. කෙසේ වෙතත් 40 හැවිරිදි මොහොමඞ් හෆීස් කණ්ඩායමට කැඳවා තිබේ.
පාකිස්තානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් මිස්බා උල් හක් වැඩ බාරගැනීමෙන් පසුව පාකිස්තානු මැද පෙළට පිතිකරුවන් 17 දෙනකු වරින් වර යොදවා තිබේ. එහෙත් ඒ සියලු දෙනාම අසාර්ථක වූහ. එබැවින් විස්සයි-20 කණ්ඩායම සඳහා ෂොයිබ් මලික් කැඳවිය යුතු යයි හඬක් නැඟිණ. විස්සයි-20 අන්තර්ජාතික තරග 116 ක ප්‍රවීණයකු වන මලික්, අවසන් වරට පාකිස්තානය වෙනුවෙන් වි-20 තරගයක් ක්‍රීඩා කළේ පසුගිය වසරේ ජූනි මාසයේදීය.
කෙසේ වෙතත් පාකිස්තානු තේරීම් කමිටු සභාපති මොහොමඞ් වසිම් මහතාගේ අදහස වන්නේ එක් එක් කාර්යයන් සඳහා විශේෂඥයන් අවශ්‍ය බවයි. අතිරේක ක්‍රීඩකයන් වන ෆකර් සමාන්, ශහනවාස් ධානි සහ උස්මන් කදීර් තිදෙනාම ප්‍රධාන සංචිතය සමගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යනු ඇත.
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්තානය අයත් දෙවැනි කාණ්ඩයට ඉන්දියාව, නවසීලන්තය, ඇෆ්ඝනිස්ථානය මෙන්ම සුදුසුකම් තේරීමේ තරගාවලියෙන් කණ්ඩායම් දෙකක් ද ඇතුළත් වෙති. ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්තානයේ පළමු තරගය ඔක්තෝබර් 24 වැනිදා ඉන්දියාවට එරෙහිව පැවැත්වේ.
හත්වැනි වරටත් පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 17 වැනිදා සිට නොවැම්බර් 14 වැනිදා දක්වා පැවැත්වේ.
බාබර් අසාම් නායකත්වය දරන පාකිස්තානු කණ්ඩායම මේ මස මැදදී නවසීලන්තයට එරෙහිව විස්සයි-20 අන්තර්ජාතික තරග 5 කින් යුත් තරගාවලියකට සහභාගි වෙයි. ඔක්තෝබර් මස මුලදී එංගලන්තයට එරෙහිව තවත් විස්සයි-20 අන්තර්ජාතික තරග දෙකකි.
පාකිස්තානු සංචිතය
බාබර් අසාම් (නායක), ශදාබ් ඛාන්, අසිෆ් අලී, අසාම් ඛාන්, හාරිස් රවුෆ්, හසන් අලී, ඉමාඞ් වසිම්, කුෂ්දිල් ෂා, මොහොමඞ් හෆීස්, මොහොමඞ් හස්නෙයින්, මොහොමඞ් නවාස්, මොහොමඞ් රිස්වාන්, මොහාමඞ් වසිම් (කනිෂ්ඨ), ශහීන් ෂා අෆ්රීඩි සහ ශොහායිබ් මක්සූද්
අතිරේක ක්‍රීඩකයෝ
ෆකර් සමාන්, ශහනවාස් ධානි සහ උස්මන් කදීර්
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.