Last Update  :  2025-12-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තානු යොවුන් පිලට ලකුණු 297 ක ජයක්

පාකිස්තානු යොවුන් පිලට ලකුණු 297 ක ජයක්

editorial - 2025 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්සත් අරාබි එමීර් (ඩුබායි) රාජ්‍යයේදී පැවැත්වෙන 19 න් පහළ ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ කරමින් අද (12 වැනිදා) පැවැති තරගයකදී මැලේසියාව පරාජය කළ පාකිස්තානු යොවුන් ක්‍රීඩකයෝ ලකුණු 297 ක දැවැන්ත ජයක් අත්පත් කරගත්හ. 

පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානුවෝ නියමිත ඕවර 50 නිමාවේදී කඩුලු 3 ක් දැවී ලකුණු 345 ක් ලබාගත්හ. ලකුණු 346 ක ඉලක්කයක් කරා ගිය මැලේසියානු යොවුන් කණ්ඩායම ඕවර 20 ක් යාමටත් මත්තෙන් ලකුණු 48 කට දැවී ගියේය. 

පාකිස්තානු යොවුන් පිලේ සමීර් මින්හාස් (නොදැවී 177) සහ අහමඩ් හුසේන් (132) එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 293 ක දැවැන්ත සම්බන්ධතාවක් ගොඩනැංවූහ. මේ දෙදෙනා පමණක් හයේ පහර 10 කින් සහ හතරේ පහර 19 කින් මැලේසියානු පන්දු යවන්නන්ට සංග්‍රහ කළහ. 

මැලේසියානු ඉනිම විනාශ කළ අලි රාසා (11/3), මොහොමඩ් සායාම් (27/3) ඩැනියෙල් අලි ඛාන් (06/2) කඩුලු ලකුණු 44 ක් ඇතුළත කඩුලු 8 ක් බෙදා ගත්හ. 


පාකිස්තානු යොවුන් කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 3 ක් දැවී 345 යි
(සමීර් මින්හාස් නොදැවී 177, අලි හසන් බ්ලොක් 14, අහමඩ් හුසේන් 132, නගිනේස්වරන් සත්නකුමාරන් 91/2)

මැලේසියානු යොවුන් කණ්ඩායම - ඕවර 19.4 කදී 48 යි
(අලි රාසා 11/3, මොහොමඩ් සායාම් 27/3, ඩැනියෙල් අලි ඛාන් 06/2)

- 213


අදහස් (0)

පාකිස්තානු යොවුන් පිලට ලකුණු 297 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.