Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තානයට ලකුණු 131 ක ඉලක්කයක්
විස්සයි-20 ලෝක කුසලාන

පාකිස්තානයට ලකුණු 131 ක ඉලක්කයක්

editorial - 2022 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිම්බාබ්වේ සහ පාකිස්තානය අතර පර්ත් නුවරදී අද (27 වැනිදා) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 130 ක් ලබාගත්තේය.  

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් වසීම් සිය ඕවර 4 ලකුණු 24 කට සීමා කරමින් කඩුලු 4 ක් බිඳහෙළුවේය. සිම්බාබ්වේ ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා වසීම්ට අනගි සහායක් දුන් ශදාබ් ඛාන් කඩුලු 3 ක් දවාගත්තේ සිය ඕවර 4 ලකුණු 23 කට සීමා කරමිනි. 

සිම්බාබ්වේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ෂොන් විලියම්ස් පන්දු 28 කින් ලකුණු 31 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි. නායක ක්‍රෙග් අර්වින් පන්දු 19 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 19 ක්ද, බ්‍රැඩ් එවන්ස් පන්දු 15 කදී හයේ පහරක් සමග ලකුණු 19 ක්ද රැස්කළහ. 

සිම්බාබ්වේ පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 130 
(වෙස්ලි මැධිවේරි 17, ක්‍රෙග් අර්වින් 19, ෂොන් විලියම්ස් 31, බ්‍රැඩ් එවන්ස් 19, මොහොමඩ් වසීම් 24/4, ශදාබ් ඛාන් 23/3) 

-036


අදහස් (0)

පාකිස්තානයට ලකුණු 131 ක ඉලක්කයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.