Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ෆකාර් සමාන්ගේ පිතිහරඹය නිසා ඩකා නුවරදී අද (20 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී පාකිස්තානුවෝ කඩුලූ 8 ක පහසු ජයක් ලබාගත්හ. මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදීම බංග්ලාදේශය පරදවා පෙරමුණ ගැනීමට පාකිස්තානයට හැකිවිය.
පාකිස්තානු නායක බාබර් අසාම් එක ලකුණකට දැවී ගියත් පන්දු 51 කින් නොදැවී ලකුණු 57 ක් ලබාගත් ෆකාර් සමාන් සහ මොහොමඞ් රිස්වාන් පාකිස්තානු පිල ජය මාවතට කැඳවාගෙන ආහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීම තෝරාගත් නමුත් බංග්ලාදේශයෙන් වාර්තාවූයේ සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් නොවේ.
නජ්මුල් හොසේන් (40) සහ අෆිෆ් හොසේන් (20) දෙදෙනා හැරෙන්නට වෙනත් කිසිදු බංග්ලාදේශ පිතිකරුවකුට ලකුණු 20 සීමාව පසුකළ නොහැකි විය.
විශිෂ්ට පන්දු යැවීමක යෙදුණු ශහීන් ෂා අෆ්රීඩි (15/2), මොහොමඞ් වසිම් (09/1) සහ ශදාබ් ඛාන් (22/2) බංග්ලාදේශ පිතිකරුවන් මෙල්ල කරගත්හ.
තරගාවලියේ තුන්වැනි සහ අවසන් තරගය සඳහා (22 වැනිදා) පැවැත්වේ.
බංග්ලාදේශය - ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී 108 යි
(නජ්මුල් හොසේන් 40, අෆිෆ් හොසේන් 20, ශහීන් ෂා අෆ්රීඩි 15/2, ශදාබ් ඛාන් 22/2)
පාකිස්තානය - ඕවර 18.1 කදී කඩුලූ 2 ක් දැවී 109 යි
(ෆකාර් සමාන් නොදැවී 57, මොහොමඞ් රිස්වාන් 39)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.