Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බංග්ලාදේශයට එරෙහිව ඩකා නුවර ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී අද (22 වැනිදා) පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන් කඩුලු 5 ක ජයක් ලැබූ පාකිස්තානය, දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට සමත් විය. තරගාවලිය පුරා උඩ පන්දු 6 ක් රැකගනිමින් සහ ස්ටම්ප් කිරීමකට දායක වෙමින්ද, ලකුණු 90 ක් රැස්කරමින්ද දස්කම් දැක්වූ පාකිස්තාන කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් තරගාවලියේ වීරයා බවට පත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 125 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන ක්‍රීඩකයෝ කඩුලු 5 පමණක් දැවී අවසන් පන්දුවේදී එම ඉලක්කය පසුකර ගියහ. තරගය ජයගැනීම සඳහා පාකිස්තාන කණ්ඩායම අවසන් ඕවරයේදී ලකුණු 8 ක් අවශ්‍ය වූ නමුත් එම ඕවරය යැවූ නායක මහමදුල්ලා රියාද් එහිදී කඩුලු 3 ක් දවාගනිමින් තරගය අවසන් පන්දුව දක්වාම රැගෙන ගියේය.
ඉනිමේ අවසන් පන්දුවට මුහුණදීම සඳහා හත්වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි මොහොමඩ් නවාස්, එය එක්ස්ට්‍රා කවර් කළාපය ඔස්සේ හතරේ සීමාව කරා යවමින් පාකිස්තාන කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් පන්දු 43 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 40 ක්ද, හයිඩර් අලී පන්දු 38 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 45 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමූහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායමට පාකිස්තාන පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 124 ක් පමණි. බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභීයා බවට පත්වූ මොහොමඩ් නයීම් පන්දු 50 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 47 ක් රැස්කළේය.
ශමීම් හොසේන් පන්දු 23 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 22 ක්ද, අෆීෆ් හොසේන් පන්දු 21 කදී හයේ පහර 2 ක් සමග ලකුණු 20 ක්ද රැස්කරමින් බංග්ලාදේශ ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය. පන්දුවෙන් දස්කම් දැක්වූ මොහොමඩ් වසීම් ලකුණු 15 කට කඩුලු 2 ක්ද, උස්මාන් කදීර් ලකුණු 35 කට කඩුලු 2 ක්ද දවාගනිමින් බංග්ලාදේශ පිතිකරුවන් අසරණ කළහ.
බංග්ලාදේශය - ඕවර 20 කදී කඩුලු 7 කට 124
(මොහොමඩ් නයීම් 47, ශමීම් හොසේන් 22, අෆීෆ් හෝසේන් 20, මොහොමඩ් වසීම් 15/2, උස්මාන් කදීර් 35/2)
පාකිස්තානය - ඕවර 20 කදී කඩුලු 5 කට 127
(මොහොමඩ් රිස්වාන් 40, බාබර් අසාම් 19, හයිඩර් අලී 45, මහමදුල්ලා රියාද් 10/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.