Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තානය බලාපොරොත්තු රඳවාගනී
පාකිස්තාන - දකුණු අප්‍රිකා තරගය

පාකිස්තානය බලාපොරොත්තු රඳවාගනී

editorial - 2022 නොවැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර අද (3 වැනිදා) සිඩ්නි නුවරදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 33 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තානය සමත් විය. මෙම ජයත් සමග ‘බී’ කාණ්ඩයේ තෙවැනි ස්ථානයට පත් වීමටද පාකිස්තානයට හැකි විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 186 ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම, ඕවර 9 ක් අවසානයේ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 69 ක් ලබා සිටියේය. වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නවතා යළි ආරම්භ කිරීමත් සමග ජයග්‍රාහී ඉලක්කය ඕවර 14 කදී ලකුණු 142 ක් බවට පත්විය. 

කෙසේ වුවත් පාකිස්තාන පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ එම ඕවර 14 අවසන් වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායමට කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 108 ක් පමණි. එහිදී ශහීන් අෆ්රිඩි ලකුණු 14 කට කඩුලු 3 ක්ද, ශදාබ් ඛාන් ලකුණු 16 කට කඩුලු 2 ක්ද බිඳහෙළමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 185 ක් ලබාගැනීමට සමත් විය. එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ශදාබ් ඛාන් පන්දු 22 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 52 ක් රැස්කළේය. පාකිස්තාන ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ඉෆ්තිකර් අහමඩ් පන්දු 35 කින් ලකුණු 51 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. 

ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත්වූ ෆකාර් සමාන් වෙනුවට පාකිස්තාන කණ්ඩායමට එක්වූ මොහොමඩ් හාරිස් පන්දු 11 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග වේගවත් ලකුණු 28 ක් රැස්කළේය. යළිත් සිය සුපුරුදු රිද්මයට අවතීර්ණ වූ මොහොමඩ් නවාස්ද පන්දු 22 කින් ලකුණු 28 ක් රැස්කළ අතර ඔහුගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය.

සිය ඕවර 4 තුළ කඩුලු 4 ක් දවාගැනීමට දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ඇන්රික් නොකියා සමත් වුවද, එම ඕවර 4 තුළදී ඔහුගෙන් ලකුණු 41 ක් උදුරාගැනීමට පාකිස්තාන පිතිකරුවෝ සමත් වූහ. වේන් පනේල්, කගිසෝ රබාඩා, ලුංගි න්ගිඩි සහ තබ්‍රේස් ශම්ෂි එහිදී එක් කඩුල්ල බැගින් බිඳහෙළුහ.  

පාකිස්තානය - ඕවර 20 කදී කඩුලු 9 කට 185
(මොහොමඩ් හාරිස් 28, ඉෆ්තිකර් අහමඩ් 51, මොහොමඩ් නවාස් 28, ශදාබ් ඛාන් 52, ඇන්රික් නොකියා 41/4) 

දකුණු අප්‍රිකාව - ඕවර 14 කදී 9 ක් දැවී 108 
(ටෙම්බා බවුමා 36, ඒඩ්න් මාක්‍රම් 20, හෙන්රික් ක්ලාසන් 15, ටි්‍රස්ටන් ස්ටබ්ස් 18, ශහීන් අෆ්රිඩි 14/3, ශදාබ් ඛාන් 16/2) 

-036


අදහස් (0)

පාකිස්තානය බලාපොරොත්තු රඳවාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.