Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
බංග්ලාදේශයේදී පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ අද (11 වැනිදා) පැවැති තරගයකදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කාන්තා කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 113 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන ක්‍රීඩිකාවෝ කඩුලු 5 ක් පමණක් දැවී පන්දු 7 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය සපුරාගත්හ. එහිදී කවීෂා දිල්හාරි ලකුණු 16 කට කඩුලු 2 ක් දවාගත්තද පාකිස්තාන ජයග්‍රහණය වැළැක්වීමට ඇයට නොහැකි වූවාය.
ලකුණු 51 කට කඩුලු 4 ක් බිඳවැටුණද, පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 51 කදී ලකුණු 45 ක සම්බන්ධතාවක් ගොඩගනැගූ නීඩා දාර් (නොදැවී 26) සහ ආලියා රියාස් (20) පාකිස්තාන කණ්ඩායමට ජයග්‍රහණයේ දොරටු විවර කළහ.
පන්දු 28 කදී වාර්තා වූ නිඩාගේ ඉනිමට හතරේ පහරක් ඇතුළත් වූ අතර පන්දු 26 කදී වාර්තා වූ ආලියාගේ ඉනිම හතරේ පහර 3 කින් සමන්විත විය. අයේෂා නසීම් පන්දු 5 කින් නොදැවී ලකුණු 16 ක් රැස්කළේ හයේ පහර 2 ක් සමගිනි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඔමයිමා සොහේල්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 18.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 112 ක් පමණි. සිය ඕවර 4 ලකුණු 13 කට සීමා කළ ඔමයිමා කඩුලු 5 ක් දවාගත්තාය.
කලකට පසුව යළිත් ලකුණු අතරට පිවිසි ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පන්දු 26 කදී හතරේ පහර 9 ක් සමග ලකුණු 41 ක් රැස්කළාය. සෙසු පිතිකාරිණියන් එකා පිට එකා දැවී යද්දී එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් ඕෂධී රණසිංහ පන්දු 29 කින් ලකුණු 26 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි.
ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 18.5 කදී සියලු දෙනා දැවී 112
(චමරි අතපත්තු 41, හසිනි පෙරේරා 18, ඕෂධී රණසිංහ 26, ඔමයිමා සොහේල් 13/5, තූබා හසන් 26/2)
පාකිස්තාන කාන්තා පිල - ඕවර 18.5 කදී කඩුලු 5 ක් දැවී 113
(නීඩා ඩාර් නොදැවී 26, ආලියා රියාස් 20, අයේෂා නසීම් නොදැවී 16, කවීෂා දිල්හාරි 16/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.