Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන විස්සයි/20 තරගමාලාව සඳහා නම් කරන ලද පාකිස්තානු සංචිතයෙන් ආරම්භක පිතිකරු නසීර් ජම්ෂෙඞ් ඉවත් කරනු ලැබ ඇත. පිතිකරුවකු වශයෙන් දැක්වූ දැඩි අසාර්ථක භාවය නිසා නසීර් ජම්ෂෙඞ් සංචිතයෙන් ඉවත් කරන ලද අතර ඒ වෙනුවට කෝඩුකාර කී‍්‍රඩකයකු වන සර්ජීල් ඛාන් නම්කර තිබේ.
දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මෙන්ම දකුණු අපි‍්‍රකාවේදීත් පැවැති වි:20 තරග වලදී අසාර්ථක වූ නසීර් ජම්ෂෙඞ් සිය අවසන් වි:20 තරග දෙකේදී ලබාගත්තේ ලකුණු 18 ක් සහ 19 ක් පමණි. ඔහු වෙනුවට කණ්ඩායමට එක්වූ සර්ජීල් ඛාන් 24 හැවිරිදි කී‍්‍රඩකයෙකි.
ශාරීරික ආබාධ හේතුවෙන් මොහොමඞ් ඉර්ෆාන් සහ ෂොයිබ් මලික් දෙදෙනා පාකිස්තානු වි:20 සංචිතයට ඇතුළත් නොවන අතර අබ්දුර් රසාක් සහ අබ්දුර් රෙහ්මාන්ද ඊට ඇතුළත් නොවෙති.
මොහොමඞ් හෆීස් පාකිස්තානු වි:20 පිලේ නායකත්වය දරන අතර පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය අතර වි:20 තරගයක් මේ මස 8 වැනිදා (ඉරිදා) සාජාහිදී පැවැත්වේ.
ශී‍්‍ර ලංකා - පාකිස්තානු වි:20 තරගාවලිය මේ මස 11 වැනිදා ආරම්භ වේ.
පාකිස්තානු වි:20 සංචිතය
මොහොමඞ් හෆීස් (නායක), අහමඞ් ශෙෂාඞ්, සර්ජීල් ඛාන්, ෂොයිබ් මක්සූඞ්, උමාර් අමීන්, උමාර් අක්මල්, සහීඞ් අෆ්රිඩි, සුල්ෆිකාර් බාබර්, බිලවාල් භාති, ජුනයිඞ් ඛාන්, සොහේල් තන්වීර්, අන්වර් අලි, සයීඞ් අජ්මාල් සහ හරිස් සොහේල්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.