Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තානය ලකුණු 450 ක් ඉදිරියෙන්

පාකිස්තානය ලකුණු 450 ක් ඉදිරියෙන්

ශනුක අරවින්ද - 2015 මැයි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක පාකිස්තානු පිල සහ බංග්ලාදේශ පිල අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ මීර්පූර්හිදී පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (07) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට බංග්ලාදේශ පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 107 ක් රැුස්කර සිටියේය.

බංග්ලාදේශය කඩුලූ 5 ක් අතැතිව තවත් ලකුණු 450 ක් පසු පසින් සිටියි.  
පළමු දිනය අවසන් වන විට කඩුලූ 3 ක් දැවී ලකුණු 323 ක් රැස්කර සිටි පාකිස්තානු පිල කඩුලූ 8 ක් දැවී ලකුණු 557 ක් රැුස්කර සිටියදී ඉනිම අත්හිටුවීය.

අෂාර් අලී පන්දු 428 කදී හතරේ පහර 20 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 226 ක් රැස්කිරීමට සමත් විය. මෙය අෂාර් අලිගේ පළමු ටෙස්ට් ද්විත්ව ශතකය වේ.

අසාද් සාෆික් පන්දු 167 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 107 ක් රැස්කරමින් පාකිස්තානු ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවීමට සමත් විය.  

පාකිස්තානු පිල පළමු ඉනිම  ඕවර 152 කදී කඩුලූ 8 ට 557
(අෂාර් අලී 226, යුනිස් ඛාන් 148, අසාද් ශාෆික් 107, මොහොමඞ් ශහිඞ් 72/2, තයිජුල් ස්ලාම් 179/3, ෂුවගාටා හොම් 76/2)
 
බංග්ලදේශ පිල පළමු ඉනිම  ඕවර 27.5 කදී කඩුලූ 5 ට 107
(ඉම්රුල් කායිස් 32, මහුමුදුල්ලා 28, ශකීබ් අල් හසන් නොදැවී 14, ජුනයිඞ් ඛාන් 26/2)
 
-048

 


අදහස් (0)

පාකිස්තානය ලකුණු 450 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.