Last Update  :  2025-07-20 19:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ප්‍රවීන් ජයවික්‍රමටත් කොරෝනා

ප්‍රවීන් ජයවික්‍රමටත් කොරෝනා

editorial - 2022 ජුලි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. අසනීප තත්ත්වයකින් පසු වීම නිසා ඔහු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට භාජනය කර ඇති අතර එහිදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

ඒ හේතුවෙන් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම නවාතැන් ගෙන සිටින හෝටලයේ කාමරයකදීම දින 5 ක කාලයක් හුදෙකලා කිරීමට කණ්ඩාය⁣මේ කලමණාකාරීත්ව පියවර ගෙන තිබේ. ජයවික්‍රම කොරෝනා ආසාදිතයකු බවට හඳුනා ගැනීමත් සමග සහයක කාර්ය මණ්ඩලයද ඇතුළුව කණ්ඩායමේ සෙසු සාමාජිකයින්ද ඊයේ (4 වැනිදා) දිනයේදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට ලක් කර ඇති නමුත් ඔවුන් සියලු දෙනාටම වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ.

මෙම තරගාවලිය අතරතුර  කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස්ටද කොරෝනා  වෛරසය ආසාදනය වූ අතර ඔහුද දින පහක කාලයක් නිරෝධායන ක්‍රියාවලියකට ලක්විය. ඒ හේතුවෙන් පළමු ටෙස්ට් තරගය සඳහා ඔහු වෙනවට ඕෂධ ප්‍රනාන්දු ඇතුළත් කිරීමටද ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමනාකාරීත්වයට සිදුවිය.

මේ අතර තවත් වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙනිය ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයෙන් නිදහස් කර ඇති අතර පිට දඟ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ, වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සහ තවත් පිට දඟ පන්දු යවන්නකු වන ලක්ෂිත මනසිංහ සංචිතයට කැඳවා සිටිති. ඔවුන් සියලු දෙනාම ඊයේ දිනයේදී ශ්‍රී ලංකා සංචිතය සමඟ එක්ව පුහුණුවීම් ආරම්භ කළහ.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව කඩුලු 10 ක දැවැන්ත පරාජයක් ලැබූ අතර දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය මේ මස 8 වැනිදා සිට 12 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.


අදහස් (0)

ප්‍රවීන් ජයවික්‍රමටත් කොරෝනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.