Last Update  :  2025-05-08 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ප්‍රබලයන් රැසකට ලෝක කුසලාන වරම් අහිමි වෙයි

ප්‍රබලයන් රැසකට ලෝක කුසලාන වරම් අහිමි වෙයි

editorial - 2022 සැප් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඔක්තෝබර් මස 16 වැනිදා සිට නොවැම්බර් මස 13 වැනිදා දක්වා ඕස්ටේ්‍රලියාවේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද සංචිතවල ප්‍රබල ක්‍රීඩකයන් රැසකට ස්ථාන අහිමිවී ඇත.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඔන්ඩි්‍ර රසල්, පාකිස්තාන ක්‍රීඩක ෆකාර් සමාන්, බංග්ලාදේශ ක්‍රීඩක මහමදුල්ලා රියාද්, ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමේ හිටපු නායක ගුලාබ්දීන් නයිබ් ඒ අතර ප්‍රධාන තැනක් ගනිති.

ෆකාර් සමාන් සහ ගුලාබ්දීන් නයිබ් පිළිවෙළින් පාකිස්තාන සහ ඇෆ්ඝනිස්ථාන සංචිතවල අතිරේක ක්‍රීඩකයන් ලෙස නම් කර ඇතැත් මහමදුල්ලාට සහ රසල්ට අතිරේක ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ පවා ස්ථානයක් හිමිවී නොමැත.

මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන බංග්ලාදේශ කණ්ඩායම සකීබ් අල් හසන් විසින් මෙහෙයවනු ලබයි. ආසියානු කුසලාන තරගාවලියෙන් අනතුරුව විස්සයි-20 තරග බිමෙන් සමුගත් මුෂ්ෆිකුර් රහීම්ට අමතරව එනමුල් හක්ට, මෙහෙදි හසන්ට, මොහොමඩ් නයීම්ට සහ ෆර්විස් හෝසේන්ට ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශ සංචිතයේ ස්ථාන අහිමිවී ඇත.

මොහොමඩ් නබීගේ නායකත්වය යටතේ ලෝක කුසලාන තරගාවලියට එක්වන ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමේ උප නායකයා ලෙස නජිබුල්ලා සද්‍රාන් කටයුතු කරයි. තවමත් ජාත්‍යන්තර වරම් දිනා නොමැති වේග පන්දු යවන ක්‍රීඩක සලීම් සාෆි මෙන්ම ලොව පුරා විස්සයි-20 ලීග රැසකට ක්‍රීඩා කර ඇති පා දඟ පන්දු යවන ක්‍රීඩක කයිස් අහමඩ්ද ඇෆ්ඝනිස්ථාන සංචිතයට කැඳවා සිටිති.

බාබර් අසාම්ගේ නායකත්වය දරන පාකිස්තාන කණ්ඩායමේ උප නායකත්වය සඳහා ශදාබ් ඛාන් නම් කර ඇත. ආබාධ තත්ත්වයන් හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලියට සහභාගි නොවූ ශහීන් අෆ්රිඩි සහ මොහොමඩ් වසීම් යළිතත් සංචිතයට කැඳවා ඇති අතර හසන් අලීට සහ ශානවාස් දහානිට එහිදී සංචිතයේ ස්ථාන අහිමිවී ඇත.

නිකලස් පූරන්ගේ නායකත්වය සහ රෝමන් පවෙල්ගේ උප නායකත්වය යටතේ මෙවර ලෝක කුසලාන තරගාවලියට එක්වන කොදෙව් කණ්ඩායමට තවමත් විස්සයි-20 ජාත්‍යන්තර වරම් දිනා නොමැති රේමන් රෙයිෆර් සහ යැනික් කැරියා ඇතුළත්ව සිටිති. ඔවුන් දෙදෙනාට අමතරව ආරම්භක පිතිකරු එවින් ලුවිස්ටද මෙම තරගාවලියේදී කොදෙව් කණ්ඩායමේ දොරටු විවර වී ඇත.


බංග්ලාදේශ සංචිතය
සකීබ් අල් හසන් (නායක), සබීර් රහමන්, මෙහෙදි හසන් මිරාස්, අෆීෆ් හොසේන්, මොසැඩ්ඩෙක් හොසේන්, ලිටන් දාස්, යසීර් අලී, නුරුල් හසන්, මුස්ෆිසුර් රහමන්, මොහොමඩ් ශයිෆුඩීන්, ටස්කින් අහමඩ්, ඉබාදත් හොසේන්, හසන් මහමුද්, නජ්මුල් හොසේන් සහ නසුම් අහමඩ්

ඇෆ්ඝනිස්ථාන සංචිතය
මොහොමඩ් නබී (නායක), නජිබුල්ලා සද්‍රාන් (උප නායක), රහ්මතුල්ලා ගුර්බාස්, අස්මතුල්ලා ඔමර්සායි, දර්විෂ් රසූලි, ෆරීඩ් අහමඩ් මල්ක්, ෆසාල්හක් ෆකූරි, හස්රතුල්ලා සසායි, ඊබ්‍රහීම් සද්‍රාන්, මුජිබුර් රහමන්, නවීන් උල්හක්, කයිස් අහමඩ්, රෂීඩ් ඛාන්, සලීම් සාෆි සහ උස්මාන් ඝානි

පාකිස්තාන සංචිතය
බාබර් අසාම් (නායක), ශදාබ් ඛාන් (උප නායක), අසීෆ් අලී, හයිදර් අලී, හාරිස් රවුෆ්, ඉෆ්තිකාර් අහමඩ්, කුෂ්දිල් ෂා, මොහොමඩ් හස්නයින්, මොහොමඩ් නවාස්, මොහොමඩ් රිස්වාන්, මොහොමඩ් වසීම්, නසීම් ෂා, ශහීන් ෂා අෆ්රිඩි, ශාන් මක්සූද් සහ උස්මාන් කාදිර්

බටහිර ඉන්දීය කොදෙව් සංචිතය
නිකලස් පූරන් (නායක), රෝමන් පවෙල් (උප නායක), එවින් ලුවිස්, බ්‍රෙන්ඩන් කිං, කයිල් මේයර්ස්, ඔඩේන් ස්මිත්, ජොන්සන් චාල්ස්, ශිමරන් හැට්මෙයර්, ජේසන් හෝල්ඩර්, රේමන් රෙයිෆර්, ඔබෙඩ් මැකෝයි, අල්සාරි ජෝෂප්, අකීල් හොසේන්, ශෙල්ඩන් කොට්‍රල් සහ යැනික් කැරියා

 

-036

 


අදහස් (0)

ප්‍රබලයන් රැසකට ලෝක කුසලාන වරම් අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.