අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ , කාණ්ඩයේ පළමු ශතකය (නොදැවී 106) පානදුර ශාන්ත ජෝන් විදුහලට එරෙහිව ලබාගැනීමට ඉසිපතන විදුහලේ පැතුම් නිස්ශංක සමත් විය. පැතුම්ගේ පන්දු 74 ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 14 ක් ඇතුළත් විය.
මෙම තරගයෙන් ලකුණු 100 ක පහසු ජයක් අත්කර ගැනීමට ඉසිපතන විදුහල සමත් විය.
ඔහුට අමතරව ඉසිපතන විදුහල වෙනුවෙන් කළණ පෙරේරා (67) ද, ශාන්ත ජෝන් විදුහල වෙනුවෙන් සිතුම් ප‍්‍රමෝද (65) සහ සකුන් රුක්ෂාන් (නොදැවී 77) ද අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.
ලකුණු 286 ක ඉලක්කය හඹාගිය ශාන්ත ජෝන් විදුහලට ඕවර 45 ක් අවසානයේ කඩුලූ 2 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 185 ක් පමණි.
ඉසිපතන විදුහල - ඕවර 45 කදී කඩුලූ 5 කට 285
(පැතුම් නිස්ශංක නොදැවී 106, කළණ පෙරේරා 67, සංජුල අබේවික‍්‍රම 36, ශෙහාන් ප‍්‍රනාන්දු 32, රසුල වික්සුර 30, ශෙහාන් සමිත 39/2)
ශාන්ත ජෝන් විදුහල - ඕවර 45 කදී කඩුලූ 2 කට 185
(සකුන් රුක්ෂාන් නොදැවී 77, සිතුම් ප‍්‍රමෝද 65)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.