මාතර රාහුල විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී අද (30 වැනිදා) ආරම්භවූ 7 වැනි ‘ස්වර්ණ සිංහ සංග්‍රාමය’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වනවිට පන්දුවට පහරදෙමින් සිටි මාතර රුහුල විද්‍යාලය පළමු ඉනිමට කඩුලු 3 ක් දැවී ලකුණු 124 ක් රැස්කර සිටියේය.
මේ වනවිට ලකුණු 6 ක් පසුපසින් සිටින මාතර රාහුල විද්‍යාලය තවත් කඩුලු 7 ක් අතැතිව හෙට දිනයේදී පන්දුවට පහරදීම සදහා පිටියට පිවිසෙනු ඇත.
බිනර සංකෙත් (55) සහ සහන් බණ්ඩාර (53) අර්ධ ශතක රැස්කරමින් පළමු දිනයේ වැඩි ගෞරව මාතර රාහුල විද්‍යාලයට ලබාදුන් අතර දැවී ගිය කඩුලු තුනටම වගකීමට පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ චමිඳු සමරසිංහ සමත්විය.
සසිත් මනුරංගගේ සහ සජිත රාජපක්ෂගේ පන්දු යැවීම හමුවේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට පළමු ඉනිමේදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 130 ක් පමණි.
විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ සසිත් මනුරංග ලකුණු 25 කට කඩුලු 6 ක් දවාගත් අතර සජිත රාජපක්ෂ ලකුණු 36 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත්විය.
ලකුණු 44 ක් රැස්කළ මලිත් සඳකැළුම් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය.
හෙට (31 වැනිදා) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.
ධර්මපාල විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 41.4 කදී සියලුදෙනා දැවී ලකුණු 130
(මලිත් සඳකැළුම් 44, අමිල දයානක 21, සසිත් මනුරංග 25/6, සජිත රාජපක්ෂ 36/4)
රාහුල විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 51 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 124
(බිනර සංකෙත් 55, සහන් බණ්ඩාර 53, චමිඳු සමරසිංහ 32/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.