Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගංකන්ද මැදි විදුහලට එරෙහිව බලංගොඩදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගයේදී ත්‍රිත්ව ශතකයක් ලබාගැනීමට ගාල්ල විද්‍යාලෝක විදුහලේ පැතුම් හසරංග (නොදැවී 300) සමත් විය.
හසරංගගේ ත්‍රිත්ව ශතකය මෙවර 19 න් පහළ තරග වාරයේදී ක්‍රීඩකයෙක් ලබාගත් පළමු ත්‍රිත්ව ශතකය වන අතර පන්දු 156 කදී වාර්තා වූ ඔහුගේ ප්‍රවේගකාරී ඉනිමට හයේ පහර 24 ක් සහ හතරේ පහර 23 ක් අන්තර්ගත විය.
එම ත්‍රිත්ව ශතකය නිසා පළමුවෙන් පන්දුවට පහරදුන් විද්‍යාලෝක විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 490 ක් රැස්කළ අතර ඊට පිළිතුරු වශයෙන් ගංකන්ද මැදි විදුහලට සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 145 ක් පමණි.
තරගය නිමා වන දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ගංකන්ද මැදි විදුහල කඩුලු 2 ක් දැවී ලකුණු 32 ක් ලබා සිටියේය.
විද්‍යාලෝක විදුහල පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 490
(රිෂාන් චාමික 51, පැතුම් හසරංග නොදැවී 300, ළහිරු මධුෂාන් 114/3, පුබුදු සමරරත්න 90/2)
ගංකන්ද මැදි විදුහල පළමු ඉනිම - සියලු දෙනා දැවී 145
(පැතුම් රණසිංහ 39, සචිත් ද සිල්වා නොදැවී 62, නදීර ඉෂාන් 22/3, පැතුම් හසරංග 16/2)
ගංකන්ද මැදි විදුහල දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 32
(හංසක කමෝෂ් 8/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.