Last Update  :  2025-12-29 13:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පළමු එක්දින තරගයෙන් ඉන්දියාවට ජය

පළමු එක්දින තරගයෙන් ඉන්දියාවට ජය

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකා කාන්තා පිල සමග පැවති පළමු එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 7 ක පහසු ජයක් ලැබීමට සත්කාරක ඉන්දීය කාන්තා පිල ඊයේ (19 වැනිදා) සමත්විය.

තරගය ජය ගැනීම සඳහා අවශ්‍යව තිබූ ලකුණු 77, කඩුලූ 3 ක් පමණක් දැවී රැස්කිරීමට ඉන්දීය පිතිකාරිණියන් සමත්වූ අතර ඉන්දීය පිලේ නායිකා මිතාලි රාජ් හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 34 ක් රැස්කරමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියාය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිලට  ඕවර 39.3 ක් අවසානයේ සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 76 ක් පමණි. එහිදී ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකාරිණී යශෝධා මෙන්ඩිස් (17) හැරුණුකොට අන් කිසිදු කී‍්‍රඩිකාවකට ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට නොහැකිවිය.

ගෞෆර් සුල්තානා  ඕවර 8 ක් යවා ලකුණු 4 කට කඩුලූ 4 ක් දවාගනිම්න් ශ්‍රී ලංකා පිතිකාරිණියන් ඉතා අසරණ තත්ත්වයකට ඇද දැමුවාය.

ශ්‍රී ලංකා කාන්තා පිල -  ඕවර 39.3 කදී සියලූදෙනා දැවී 76
(යශෝධා මෙන්ඩිස් 17, ගෞෆර් සුල්තානා 4/4, ජූලන් ගොස්වාමි 16/2, රාජේෂ්වරී ගායක්වාද් 11/2)

ඉන්දීය කාන්තා පිල -  ඕවර 32.3 කදී කඩුලූ 3 කට 80
(අනගා දේෂ්පාන්ඬේ 23, මිතලි රාජ් නොදැවී 34)

036


අදහස් (1)

පළමු එක්දින තරගයෙන් ඉන්දියාවට ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.