Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී ගම්පහ බණ්ඩාරණායක විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට කෝට්ටේ ජනාධිපති විදුහල ඊයේ (22 වැනිදා) සමත්විය. මෙම තරගය කෝට්ටේ ජනාධිපති විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ගම්පහ බණ්ඩාරණායක විදුහලේ පහන් බ්‍රිටෝ විශිෂ්ට පන්දු යැවිමක නිරත වෙමින් පළමු ඉනිමේදී ලකුණු 50 කට කඩුලු 8 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 35 කට කඩුලු 2 ක් දවාගනිමින් ලකුණු 85 කට කඩුලු 10 ක් බිඳහෙළමින් තරගයපුරා පන්දුවෙන් දස්කම් දැක්වීය.
බණ්ඩාරණායක විදුහල - පළමු ඉනිම - ඕවර 41.1 කදී සියලුදෙනා දැවී 120
(සඳුන් මාගම්මන 41, සමිත් රාජපක්ෂ 24, පහන් බ්‍රිටෝ 50/8)
ජනාධිපති විදුහල - පළමු ඉනිම - ඕවර 36 කදී කඩුලු 7 ක් දැවී 201
(තිසල් තුෂාන්ත 42, තෂික ධර්මප්‍රිය 39, තෙවන් තෙව්මික 26, උදිල් බණ්ඩාර 24, කවිඳු ජයකොඩි 52/3, දිනුෂ්ක අත්තනායක 83/3)
බණ්ඩාරණායක විදුහල - දෙවන ඉනිම - ඕවර 16 කදී කඩුලු 3 ක් දැවී 58
(සඳුන් මාගම්මන 28, පහන් බ්‍රිටෝ 35/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.