Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පසිඳු සූරියබණ්ඩාරගෙන් ද්විත්ව ශතකයක්
ජාතික සුපිරි ලීගය - 2023

පසිඳු සූරියබණ්ඩාරගෙන් ද්විත්ව ශතකයක්

editorial - 2023 පෙබ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ගාල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ දෙවැනි දිනය (24 වැනිදා) නිමාවට පත්වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි මහනුවර කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 62 ක් ලබා සිටියේය.

ඒ අනුව මහනුවර ක්‍රීඩකයෝ කඩුලු 6 ක් අතැතිව ගාල්ල කණ්ඩායමට වඩා තවත් ලකුණු 596 ක් පසුපසින් සිටිති. දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට ලසිත් කෘෘස්පුල්ලේ නොදැවී ලකුණු 29 ක්ද, අහන් වික්‍රමසිංහ නොදැවී ලකුණු 2 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.

පළමු දිනය වූ ඊයේ (23 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 356 ක් ලබා සිටි ගාල්ල කණ්ඩායම, අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 302 ක් එක්කර ගත්තේය. එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ පසිඳු සූරියබණ්ඩාර හතරේ පහර 18 ක් සමග නොදැවී ලකුණු 214 ක් රැස්කළේය.


ගාල්ල පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 658
(සොහාන් ද ලිවේරා 133, සංගීත් කුරේ 27, ලක්ෂාන් එදිරිසංහ 49, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 214, දුනිත් වෙල්ලාලගේ 33, මහේෂ් කුමාර 24, සුමින්ද ලක්ෂාන් 74, කවිෂ්ක අංජුල 59, ලසිත් ඇඹූල්දෙණිය 231/4, සචිත්‍ර පෙරේරා 123/2)

මහනුවර පළමු ඉනිම - කඩුලු 4 ක් දැවී 62
(ලසිත් කෲස්පුල්ලේ නොදැවී 29, කවිෂ්ක අංජුල 13/2)


අදහස් (0)

පසිඳු සූරියබණ්ඩාරගෙන් ද්විත්ව ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.