ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල සහ සංචාරක බංග්ලාදේශ වයස 19 න් පහළ පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේ අද (22) පැවැත්වෙන තරගයට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට පසි`දු ඉසිර සහ කේෂාන් විජේරත්න කැද„ා තිබේ.
කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි තරගයට ක්‍රීඩා කළ චාමික කරුණාරත්න සහ සහන් ආරච්චිගේ සංචිතයෙන් ඉවත් කර තිබේ.
මෙම ක්‍රීඩකයන් සිවුදෙනාම ලබන වසරේ පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන තරගාවලියේ වයස් සීමාව ඉක්මවන ක්‍රීඩකයන් වන අතර මෙහි එක තරගයේදී ශ්‍රී ලංකා පිලට එම වයස් සීමාවේ ක්‍රීඩකයන් සිවුදෙනකුට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබේ.
මෙම තරගාවලියේ පැවැති තරග දෙකම ජය ලබා ශ්‍රී ලංකා යොවුන් පිල 2x0 ක් ලෙස තරගාවලියේ පෙරමුණේ සිටියි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.