(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය යටතේ සී.සී.සී. ක්‍රීඩා සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ඉරිදා (29 වැනිදා) ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය. එහිදී මුල් ඉනිමේ ජයක් ලැබීමට සී.සී.සී. කණ්ඩායම සමත් විය.
තරගය නිමාවට පත්වන විට පන්දුවට පහර දෙමින් සිටි මුවර්ස් කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 489 ක් ලබා සී.සී.සී. කණ්ඩායමට වඩා ලකුණු 72 ක් පසුපසින් සිටියේය. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ රමේෂ් මෙන්ඩිස් හතරේ පහර 11 ක් සමග ලකුණු 160 ක් ලබා තරගය නිමාවන තෙක්ම නොදැවී කඩුල්ලේ රැදී සිටියේය.
සී.සී.සී. කණ්ඩායම වෙනුවෙන් පන්දු යවන්නන් 10 දෙනෙක් පන්දු යැවීමේ නිරත වෙද්දී, මුවර්ස් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු ෂෙහාන් ප්‍රනාන්දු (77), සදීර සමරවික්‍රම (81), පසිඳු සූරියබණ්ඩාර (53), සන්තුෂ් ගුණතිලක (55) අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සී.සී.සී. කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 561 ක් ලබාගත් අතර එහිදි විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ පවන් රත්නායක හයේ පහර 7 ක් සහ හතරේ පහර 18 ක් සමග ලකුණු 221 ක් රැස්කළේය. එහිදී චමිඳු විජේසිංහ (65) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 200 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද පවන් සමත් විය.
චමිඳුගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 5 කින්ද, ධනංජය ද සිල්වාගේ (64) අර්ධ ශතකය හතරේ පහර 8 කින්ද සමන්විත වූ අතර ආරම්භක පිතිකරු නිෂාන් මධුෂ්ක හතරේ පහර 9 ක් සමග ලකුණු 94 ක් ලබා සිටියදී ශතකය පෙනි පෙනී දැවී ගියේය.
සී.සී.සී. පළමු ඉනිම - සියලු දෙනා දැවී 561
(නිෂාන් මධුෂංක 94, දුල්නිත් සිගේරා 30, ධනංජය ද සිල්වා 64, පවන් රත්නායක 221, චමිඳු විජේසිංහ 65, සන්තුෂ් ගුණතිලක 56/3, ප්‍රවීන් ජයවික්‍රම 106/3, රමේෂ් මෙන්ඩිස් 69/2)
මුවර්ස් පළමු ඉනිම - කඩුලු 7 ක් දැවී 489
(ෂෙහාන් ප්‍රනාන්දු 77, සදීර සමරවික්‍රම 81, පසිඳු සූරියබණ්ඩාර 53, රමේෂ් මෙන්ඩිස් නොදැවී 160, මිලාන් රත්නායක 26, සන්තුෂ් ගුණතිලක 55, නිෂාන් පීරිස් 61/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.