‘බාටා - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනපි‍්‍රයම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ (2016) පස්වැනි සතිය නිමාවන විට ඡන්ද 1979 ක් ලබාගනිමින් තවදුරටත් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමට පානදුර රාජකීය විද්‍යාලයේ පවන් ඩයස් සමත් විය. ගෙවී ගිය සතිය තුළදී ඔහු ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 497 කි.
ඉකුත් සතියේදී ලබාගත් ඡන්ද 521 ත් සමග සිය මුලූ ඡන්ද සංඛ්‍යාව 935 දක්වා වර්ධනය කරගනිමින් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට තෙවැනි ස්ථානයේ සිටි කළුතර සිරිකුරුස විදුහලේ ළහිරු තඹවිට සමත්වී ඇත.
ඒ අනුව පළමු සති හතර පුරා දෙවැනි ස්ථානයේ පසුවූ බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ ලක්ෂිණ රොද්‍රිගූ තෙවැනි ස්ථානය දක්වා පසුබැස ඇත. ඉකුත් සතිය තුළදී ලබාගත් ඡන්ද 162 ත් සමග මේ වන විට ලක්ෂිණ රොද්‍රිගූ ලබා සිටින මුලූ ඡන්ද සංඛ්‍යාව 776 කි.
මහනුවර ති‍්‍රත්ව විදුහල් කණ්ඩායමේ නායක රවීන් සේයර් සහ කොළඹ ශාන්ත ජෝෂප් විදුහලේ මල්ෂාන් රොද්‍රිගූ පිළිවෙලන් ඡන්ද 432 ක් සහ 303 ක් බැගින් ලබාගෙන සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ සිව්වැනි සහ පස්වැනි ස්ථාන හිමිකර ගැනීමට සමත්ව සිටිති.
මෝදර ද ලාසාල් විදුහලේ මාධව ප‍්‍රනාන්දු ඡන්ද 325 ක් ලබාගනිමින් නැගී එන කාණ්ඩයේ පෙරමුණ ගෙන ඇති අතර එහි දෙවැනි ස්ථානය ඡන්ද 75 ක් ලබා සිටින පාදුක්ක සිරි පියරතන විදුහලේ දිල්ෂාන් මධුෂංකට හිමි වී තිබේ. අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ කිසිදු කී‍්‍රඩකයකු මෙතෙක් ඡන්ද ලබාගැනීමට සමත්ව නැත.
මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් අයතනයේ, දිනපතා පළවන ‘ලංකාදීප’ සහ‘ඬේලි මිරර්’ පුවත්පත් වලද, සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ පුවත්පත් වලද අන්තර්ගතවේ. තමන් කැමතිම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට ලබන මැයි මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ.
| සමස්ථ ලංකා පාසල් කාණ්ඩය | ||
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| පවන් ඩයස් | පානදුර රාජකීය විදුහල | 1979 |
| ළහිරු තඹවිට | කළුතර සිරිකුරුස විදුහල | 935 |
| ලක්ෂිණ රොද්‍රිගූ | බම්බලපිටිය ශාන්ත පීතර විදුහල | 776 |
| රවීන් සේයර් | මහනුවර ති‍්‍රත්ව විදුහල | 432 |
| මල්ෂාන් රොද්‍රිගූ | කොළඹ ශාන්ත ජෝෂප් විදුහල | 303 |
| පසිඳු සූරියබණ්ඩාර | කොළඹ රාජකීය විදුහල | 168 |
| රවිඳු කොඩිතුවක්කු | ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල | 87 |
| ගිෂාත් පණ්ඩිතරත්න | කොළඹ රාජකීය විදුහල | 77 |
| හිමාෂ හෂේන් | පන්නිපිටිය ධර්මපාල විදුහල | 74 |
| ගීතාල් ප‍්‍රනාන්දු | කොටහේන ශාන්ත බෙනඩික් විදුහල | 60 |
| චරණ නානායක්කාර | කොළඹ තර්ස්ටන් විදුහල | 59 |
| යොහාන් මෙන්ඩිස් | ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල | 59 |
| කමිඳු මෙන්ඩිස් | ගාල්ල රිච්මන්ඞ් විදුහල | 48 |
| කවිඳු බණ්ඩාර | කොළඹ නාලන්දා විදුහල | 46 |
| සමූ අශාන් | කොළඹ ආනන්ද විදුහල | 44 |
| සචින්ද ගමාධිකාරි | මීගමුව මාරිස්ටෙලා විදුහල | 43 |
| චරිත් අසලංක | ගාල්ල රිච්මන්ඞ් විදුහල | 39 |
| නිපුන් සමරසිංහ | කොළඹ ශාන්ත ජෝෂප් විදුහල | 35 |
| තුලින දිල්ෂාන් | කොටහේන ශාන්ත බෙනඩික් විදුහල | 28 |
| කෙවින් පෙරේරා | මීගමුව මාරිස්ටෙලා විදුහල | 23 |
| ලසිත් ඇඹුල්දෙණිය | කොළඹ රාජකීය විදුහල | 22 |
| නැගී එන පාසල් කාණ්ඩය | ||
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| මාධව ප‍්‍රනාන්දු | මෝදර ද ලාසාල් විදුහල | 325 |
| දිල්ෂාන් මධුෂංක | පාදුක්ක සිරි පියරතන විදුහල | 75 |
ඡන්ද ලබාදෙන පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග‍්‍රාහකයෝ
1 කි‍්‍රස්ටීන් ඉම්ච් 50/4, ගුණසිංහ උද්‍යානය, තැන්නේකුඹුර, මහනුවර
2 එන්. ඩබ්ලිව්. එල්. ඒ. ප‍්‍රනාන්දු, 217/12, ජයසිංහ පෙදෙස, හැඳල, වත්තල
3 ටෙරන්ස් ප‍්‍රනාන්දු, 84, උස්වත්ත වටරවුම් පාර, මොරටුව
4 නිලූක කුරේ, 17, දූව පන්සල පාර, කළුතර දකුණ
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.