Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පවන් ඩයස් තවමත් පෙරමුණේ

පවන් ඩයස් තවමත් පෙරමුණේ

ශනුක අරවින්ද - 2016 මාර් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘බාටා - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනපි‍්‍රයම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ (2016) සිව්වැනි සතිය නිමාවන විට ඡන්ද 1482 ක් ලබාගනිමින් තවදුරටත් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමට පානදුර රාජකීය විද්‍යාලයේ පවන් ඩයස් සමත් විය.

ඡන්ද 610 ක් ලබා පවන්ට වඩා ඡන්ද 868 ක් පසුපසින් සිටින කොළඹ ශාන්ත පීතර විදුහලේ ලක්ෂිණ රොද්‍රිගූ එහි දෙවැනි ස්ථානයේ පසුවේ. ගෙවී ගිය සතිය තුළදී සිය ඡන්ද සංඛ්‍යාවට අලූතින් ඡන්ද 638 ක් එක්කර ගැනීමට පවන් ඩයස් සමත් වී ඇති අතර ලක්ෂිණ රොද්‍රිගූ එම සතිය තුළදී ලබාඇත්තේ ඡන්ද 97 ක් පමණි.

ඉකුත් සතිය නිමාවන විට ඡන්ද 237 ක් ලබා සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පස්වැනි ස්ථානයේ පසුවූ කළුතර සිරිකුරුස විදුහලේ ළහිරු තඹවිට ගෙවී ගිය සතියේදී ලබාගත් ඡන්ද 177 ත් සමගින් මුලූ ඡන්ද 414 ක් ලබා තෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත් වී ඇත.

මහනුවර ති‍්‍රත්ව විදුහල් කණ්ඩායමේ නායක රවීන් සේයර් සහ කොළඹ ශාන්ත ජෝෂප් විදුහලේ මල්ෂාන් රොද්‍රිගූ පිළිවෙලන් ඡන්ද 410 ක් සහ 302 ක් බැගින් ලබාගෙන සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ සිව්වැනි සහ පස්වැනි ස්ථාන හිමිකර ගැනීමට සමත්ව සිටිති.

මෝදර ද ලාසාල් විදුහලේ මාධව ප‍්‍රනාන්දු ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 235 ත් සමග මුලූ ඡන්ද 325 ක් ලබාගනිමින් නැගී එන කාණ්ඩයේ පෙරමුණ ගෙන ඇති අතර අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ කිසිදු කී‍්‍රඩකයකු මෙතෙක් ඡන්ද ලබාගැනීමට සමත්ව නැත.

මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් අයතනයේ, දිනපතා පළවන ‘ලංකාදීප’ සහ‘ඬේලි මිරර්’ පුවත්පත් වලද, සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ පුවත්පත් වලද අන්තර්ගතවේ. තමන් කැමතිම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට ලබන මැයි මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ.

සමස්ථ ලංකා පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා                   පාසල                          ඡන්ද

පවන් ඩයස්                    පානදුර රාජකීය විදුහල               1482

ලක්ෂිණ රොද්‍රිගූ                බම්බලපිටිය ශාන්ත පීතර විදුහල       614

ළහිරු තඹවිට                  කළුතර සිරිකුරුස විදුහල               414

රවින් සේයර්                   මහනුවර ති‍්‍රත්ව විදුහල                 410

මල්ෂාන් රොද්‍රිගූ                කොළඹ ශාන්ත ජෝෂප් විදුහල        302

පසිඳු සූරියබණ්ඩාර             කොළඹ රාජකීය විදුහල                168

රවිඳු කොඩිතුවක්කු             ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල       87

ගිෂාත් පණ්ඩිතරත්න            කොළඹ රාජකීය විදුහල                 77

හිමාෂ හෂේන්                  පන්නිපිටිය ධර්මපාල විදුහල            74

චරණ නානායක්කාර           මහනුවර තර්ස්ටන් විදුහල               59

යොහාන් මෙන්ඩිස්             ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල       54

ගීතාල් ප‍්‍රනාන්දු                කොටහේන ශාන්ත බෙනඩික් විදුහල    54

කමිඳු මෙන්ඩිස්                 ගාල්ල රිච්මන්ඞ් විදුහල                 48

කවිඳු බණ්ඩාර                  කොළඹ නාලන්දා විදුහල               46

සචින්ද ගමාධිකාරි              මීගමුව මාරිස්ටෙලා විදුහල              43

චරිත් අසලංක                  ගාල්ල රිච්මන්ඞ් විදුහල                 39

සම්මු අශාන්                   කොළඹ ආනන්ද විදුහල                36

නිපුන් සමරසිංහ               කොළඹ ශාන්ත ජෝෂප් විදුහල         35

තුලින දිල්ෂාන්                 කොටහේන ශාන්ත බෙනඩික් විදුහල    28

ලසිත් ඇඹුල්දෙණිය            කොළඹ රාජකීය විදුහල                 22


නැගී එන පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා                   පාසල                          ඡන්ද

මාධව ප‍්‍රනාන්දු                 මෝදර ද ලාසාල් විදුහල               325


ඡන්ද ලබාදෙන පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග‍්‍රාහකයෝ

1 එස්. චන්ද්‍රසේකර, 162/බී, මහවිහාර පාර, වාද්දුව

2 නිෂේන් ශබියන්, ටී. එන්. 6, ටෝනි මාවත, ගලහදූව, හැඳල  

3 ආර්. ආර්. බෝපෙගමගේ, 362/ඒ2/1, හමුහේන, උඩුපිල්ල උතුර, දෙල්ගොඩ

4 වින්ස්ටන් ලූවිස්, 329/85, ආදිත්‍ය පාර, දෙහිවල

 

-036


අදහස් (0)

පවන් ඩයස් තවමත් පෙරමුණේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.