Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පවන් - සොනාල් දඹුල්ල ඇදගෙන යති
ජාතික සුපිරි ලීගය

පවන් - සොනාල් දඹුල්ල ඇදගෙන යති

editorial - 2024 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග සිවුදින ක්‍රිකට් තරගාවලියේ යාපනය කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) ආරම්භ වූ සිවුදින තරගය පළමු දිනය සඳහා නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි දඹුල්ල කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 280 ක් ලබා සිටියේය. 

පළමු දිනයේ ක්‍රීඩාව තතර කරන විට කඩුල්ලේ රැදී සිටි පවන් රත්නායක හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 80 ක්ද, සොනාල් දිනූෂ හතරේ පහර 6 ක් සමග ලකුණු 65 ක්ද ලබා සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව දඹුල්ල ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණු සම්බන්ධතාව ලකුණු 137 කි. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ලියෝ ෆ්‍රැන්සිස්කෝ (35) සහ සනෝජ් දර්ෂික (40) පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 79 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. ෆ්‍රැන්සිස්කෝගේ ඉනිමට හතරේ පහර 4 ක්ද, සනෝජ්ගේ ඉනිමට හතරේ පහර 4 ක්ද ඇතුළත් විය. 
නායක මිනෝද් භානුක පන්දු 50 කින් වේගවත් ලකුණු 47 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගිනි. රවිඳු ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ රොන් චන්ද්‍රගුප්ත අතට උඩ පන්දුවක් දෙමින් අර්ධ ශතකය පෙනි පෙනී සිටියදී භානුක දැවී ගියේය. 


දඹුල්ල පළමු ඉනිම - කඩුලු 4 ක් දැවී 280 
(ලියෝ ෆ්‍රැන්සිස්කෝ 35, සනෝජ් දර්ෂික 40, මිනෝද් භානුක 47, පවන් රත්නායක නොදැවී 80, සොනාල් දිනූෂ නොදචැවී 65, රවිඳු ප්‍රනාන්දු 87/2) 


අදහස් (0)

පවන් - සොනාල් දඹුල්ල ඇදගෙන යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.