Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පවන් - වනුජ යොවුන් පිල දිනවති
යොවුන් එක්දින තරගාවලිය

පවන් - වනුජ යොවුන් පිල දිනවති

editorial - 2021 දෙසැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පවන් පතිරාජගේ දක්ෂ පිතිහරඹයත්, වනුජ සහන්ගේ දක්ෂ පන්දු යැවීමත් හමුවේ එංගලන්ත වයස 19 න් පහළ කණ්ඩායමට එරෙහිව කොළඹ එස්.එස්.සී. කී‍්‍රඩාංගණයේදී අද (3 වැනිදා) පැවැති දෙවැනි යොවුන් එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 148 දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම සමත් විය. එම ජයග‍්‍රහණයත් සමග තරග 5 කින් සමන්විත එක්දින තරගවලිය තරග 2 ක් අවසානයේ 1-1 ක් ලෙස සම තත්ත්වයට පත් කිරීමටද ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට හැකිවිය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 252 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත යොවුන් කණ්ඩායම  ඕවර 31.4 ක් අවසානයේ ලකුණු 103 කට සීමා කිරීමට වනුජ ප‍්‍රමුඛ ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ වමතින් දඟ පන්දු යවන කී‍්‍රඩක වනුජ, නිලකුණු  ඕවර 4 ක් සමග  ඕවර 10 ක් යවා ලකුණු 21 කට කඩුලූ 5 ක් බිඳහෙළීය. මඳ වේග පන්දු යවන්නන් වන යසිරු රොද්‍රිගූ සහ මතීෂ පතිරණ කඩුලූ 2 බැගින් දවාගනිමින් එංගලන්ත ඉනිම සුණුවිසුනු කර දැමීම සඳහා වනුජට අනගි සහායක් දුන්හ.

පළමු තරගයේදී කඩුලූ 5 ක් දවාගත් නායක දුනිත් වෙල්ලාලගේ මෙම තරගයේදී 30 වැනි  ඕවරය දක්වාම පන්දුව සියතට නොගෙන, සෙසු පන්දු යවන්නන් නිසි ලෙස කලමනාකරණය කරමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ජයග‍්‍රහණය කරා මෙහෙයවීය. එහිදී එංගලන්ත පිතිකරුවන් 7 දෙනෙකුම ලකුණු 10 සීමාව ඉක්මවා යාමටත් මත්තෙන් දැවී ගියහ. අවසානයේදී සෙසු පන්දු යවන්නන්ට දවාගත නොහැකිව තිබූ ජේම්ස් රිව්ගේ (50) කඩුල්ල දවාගනිමින් වෙල්ලාලගේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග‍්‍රහණය තහවුරු කළේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කී‍්‍රඩකයෝ  ඕවර 50 ක් අවසානයේ කඩුලූ 4 ක් පමණක් දැවී ලකුණු 251 ක් රැුස්කළහ. එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වෙමින් පන්දු 131 කදී හතරේ පහර 13 ක් සමග අගනා ශතකයක් ලබාගැනීමට පවන් පතිරාජ (113) සමත් විය. මුලූ ලකුණු සංඛ්‍යාව 18 ක් වන විට ආරම්භක පිතිකරුවන් දෙදෙනාම පිටියෙන් ඉවතව ගියද, ශෙවොන් ඩැනියෙල් (18) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 105 කදී ලකුණු 68 ක සම්බන්ධතාවක් ගොඩනැගූ පවන් ශ්‍රී ලංකා යොවුන් ඉනිමට නව ජවයක් එක් කළේය.

ඉන් නොනැවතුන පවන්, සිවුවැනි කඩුල්ල වෙනුවෙන් රනුද සෝමරත්න (නොදැවී 58) සමග එක්ව පන්දු 129 කදී ලකුණු 105 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය. පන්දු 79 කදී වාර්තා වූ සෝමරත්නගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය. ඉනිමේ අවසන්  ඕවර කිහිපයේදී පන්දු 22 කට මුහුණදුන් නායක දුනිත් වෙල්ලාලගේ එහිදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 38 ක් රැස්කරමින් ශ්‍රී ලංකා යොවුන් ඉනිමේ ලකුණු සංඛ්‍යාව 250 සීමාවෙන් ඔබ්බට ගෙන ගියේය.


ශ්‍රී ලංකා යොවුන් පිල -  ඕවර 50 කදී කඩුලූ 4 ක දැවී 251
(ශෙවොන් ඩැනියෙල් 18, පවන් පතිරාජ 113, රනුද සෝමරත්න 58, දුනිත් වෙල්ලාලගේ නොදැවී 38, ජොෂුවා බොයිඩන් 42/2, රෙහාන් අහමඩ් 41/2)
 
එංගලන්ත යොවුන් පිල -  ඕවර 31.4 කදී සියලූ දෙනා දැවි 103
(විලියම් ලූක්ස්ටන් 12, ජේම්ස් රිව් 50, වනුජ සහන් 21/5, යසිරු රොද්‍රගූ 18/2, මතීෂ පතිරණ 20/2)

 

ඡායාරූපය - ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහයෙනි


අදහස් (0)

පවන් - වනුජ යොවුන් පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.