Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පවන් - ටෙ‍්‍රවින් ශී‍්‍ර ලංකාව දිනවති

පවන් - ටෙ‍්‍රවින් ශී‍්‍ර ලංකාව දිනවති

editorial - 2021 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


පවන් පතිරාජගේ (67) අර්ධ ශතකයත්, ටෙ‍්‍රවීන් මැතිව්ස්ගේ (29/4) දක්ෂ පන්දු යැවීමත් හමුවේ සංචාරක බංග්ලාදේශ යොවුන් පිල එරෙහිව රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති පළමු යොවුන් එක්දින තරගය ලකුණු 42 කින් ජයගැනීමට ශ‍්‍රී ලංකා යොවුන් පිල සමත්විය. ඒ අනුව තරග 5 කින් සමන්විත යොවුන් එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද ශ‍්‍රී ලංකා යොවුන් පිලට හැකිවිය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 229 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ යොවුන් පිලට  ඕවර 46.2 කදී සියලූදෙනා දැවී රැුස්කිරීමට හැකිවූයේ ලකුණු 186 ක් පමණී. අර්ධ ශතකයක් ලබාගනිමින් අයිච් මොල්ලා හුදකලා සටනක නිරත වුවද බංග්ලාදේශ යොවුන් පිල ජයග‍්‍රහණය කරා රැගෙන යාමට අපොහොසත් විය. පන්දු 93 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 86 ක් රැස්කිරීමට ඔහු සමත්විය.

ලකුණු 35 කට කඩුල 4 ක් දැවී තිබියදී අරිෆුල් ඉස්ලාම් සමගින් එක්ව පස්වැනි කඩුල්ල සඳහා පන්දු 102 කදී ලකුණු 70 ක සම්බන්ධතාවයක් පැවැත්වීමටද අයිච් මොල්ලා සමත්විය. පන්දු 67 කට මුහුණදුන් අරිෆුල් ඉස්ලාම් හතරේ පහර 2 ක් සමගින් ලකුණු 38 ක් ලබාගත්තේය.

සිය  ඕවර 10 ලකුණු 29 කට සීමාකළ ටෙ‍්‍රවීන් මැතිව්ස් කඩුලු 4 ක් දවාගනිමින් ශ‍්‍රී ලංකා යොවුන් පිල ජයග‍්‍රහණය කරා රැුගෙන ගියේය. ශෙවොන් ඩැනියෙල් කඩුලූ 2 ක් ද, චමිඳු වික‍්‍රමසිංහ, දුනිත් වෙල්ලාලගේ සහ මතීෂ පතිරණ කඩුල්ල බැගින් ද දවාගනිමින් ශ‍්‍රී ලංකා යොවුන් පිලේ ජයග‍්‍රහණයට දායක වූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා යොවුන් පිල නියමිත  ඕවර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 228 ක් ලබාගත්තේය.  පිත්තෙන් දස්කම් දැක්වූ පවන් පතිරාජ දැවීයන විට පන්දු 88 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 67 ක් රැුස්කිරීමට සමත්විය.

සදීෂ රාජපක්ෂ සමගින් සිව්වැනි කඩුල්ල සඳහා පන්දු 97 කදී ලකුණු 53 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ පවන් පතිරාජ, ඉන් නොනැවතී රවීන් ද සිල්වා සමගින් එක්ව පස්වැනි කඩුල්ල සඳහා පන්දු 88 කදී තවත් ලකුණු 80 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය.

සදීෂ රාජපක්ෂ ලකුණු 28 ක් සහ රවීන් ද සිල්වා ලකුණු 29 ක් රැස්කිරීමට සමත්වූ අතර වේගවත් පිතිහරඹයක නිරත වූ පසුපෙළ පිතිකරු යසිරු රොද්‍රිගූ පන්දු 15 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 25 ක් රැස්කිරීමට සමත්විය.

රිපොන් මොන්ඩොල් ලකුණු 59 කට කඩුලු 3 ක් දවාගත් අතර අෂිකුර් සමාන් ලකුණු 43 කට කඩුලූ 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. අරිෆුල් ඉස්ලාම්, ගෝලම් කිබි‍්‍රයා, එස්.එම්. මෙහෙරොබ් සහ නයිමුර් රෝමන් කඩුල්ල බැගින් දවාගැනීමට සමත්වූහ.

දෙවැනි යොවුන් එක්දින තරගය ලබන සඳුදා (18 වැනිදා) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.


ශ‍්‍රී ලංකා යොවුන් පිල -  ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී 228
(පවන් පතිරාජ 67, සදීෂ රාජපක්ෂ 28, රවීන් ද සිල්වා 29, යසිරු රොද්‍රිගූ නොදැවී 25, රිපොන් මොන්ඩොල් 59/3, අෂිකුර් සමාන් 43/2)

බංග්ලාදේශ යොවුන් පිල -  ඕවර 46.2 කදී සියලූදෙනා දැවී 186
(අයිච් මොල්ලා 86, අරිෆුල් ඉස්ලාම් 38, ටෙ‍්‍රවීන් මැතිව්ස් 29/4, ශෙවොන් ඩැනියෙල් 21/2)

 


- 2079

 


අදහස් (0)

පවන් - ටෙ‍්‍රවින් ශී‍්‍ර ලංකාව දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.