Last Update  :  2025-12-23 17:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පන්නිපිටිය ධර්මපාලයට කඩුලු 2 ක ජයක්

පන්නිපිටිය ධර්මපාලයට කඩුලු 2 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාතර රාහුල විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී ‘ස්වර්ණ සිංහ සංග්‍රාමය’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයට සමගාමීව පැවැති 3 වැනි සීමිත ඕවර ක්‍රිකට් තරගය කඩුලු 2 කින් ජයගැනීමට පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අද (1 වැනිදා) සමත්විය.

කාසියේ වාසිය දිනාගත් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය පළමුව පන්දුවට පහරදිම සදහා මාතර රාහුල විද්‍යාලයට ආරාධනා කළ අතර ඕවර 45.3 කදී සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 127 ක් පමණි.

තරිඳු රාජපක්ෂ ලකුණු 29 ක් රැස්කරමින් රාහුල විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය.

විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ චමිඳු සමරසිංහ ලකුණු 12 කට කඩුලු 5 ක් දවාගත් අතර ශෙවොන් සෝමසුන්දර ලකුණු 07 කට කඩුලු 3 ක් දවාගත්තේය.

ජයග්‍රහණය සදහා ලකුණු 128 ක ඉලක්කයක් හඹාගිය පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ඕවර 42.1 කදී කඩුලු 8 ක් දැවී ඉලක්කය සපුරා ගැනීමට සමත්විය.

ලසිත පූරසිංහ නොදැවී ලකුණු 39 ක් රැස්කරමින් ධර්මපාල විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූ අතර චමුදිත දිල්ශාන් කඩුලු 3 ක් සහ සසිත මනුරංග කඩුලු 2 ක් දවාගනිමින් මාතර රාහුල විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
        

රාහලු විද්‍යාලය - ඕවර 45.3 කදී සියලුදෙනා දැවී ලකුණු 127
(තරිඳු රාජපක්ෂ 29, චමිඳු සමරසිංහ 12/5, ශෙවොන් සෝමසුන්දර 07/3)

ධර්මපාල විද්‍යාලය - ඕවර 42.1 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 128
(ලසිත පූරසිංහ නොදැවී 39, චමිඳු සමරසිංහ 20, චමුදිත දිල්ශාන් 19/3, සසිත මනුරංග 21/2)    

 


අදහස් (0)

පන්නිපිටිය ධර්මපාලයට කඩුලු 2 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.