Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පන්දුව වැදීමෙන් බෝනර් ප්‍රකම්පනයට

පන්දුව වැදීමෙන් බෝනර් ප්‍රකම්පනයට

editorial - 2021 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ශාන්ත ලුසියාහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී හිස ආවරණයේ පන්දුව වැදීම හේතුවෙන් කොදෙව් පිතිකරු කෘමා බොනර් මහත් ලෙස කම්පනයට පත්ව ඇත.

කොදෙව් පිලේ අංක 3 ක්‍රීඩකයා ලෙස පන්දුවට පහරදීමට පැමිණි බෝනර්ට, ඇන්රික් නොයේ යැවූ බවුන්සර් පන්දුවක් හිස ආවරණයේ වැදීම නිසා පිටියෙන් ඉවත්ව යෑමට සිදුවූ අතර පන්දු රැකීම සඳහාද ඔහු යළි පිටියට නොපැමිණියේය. ඔහු වෙනුවට කිර‍න් පවෙල් පන්දු රැකීමේ නිරත විය.

මුහුණදුන් පළමු පන්දුවම හිස ආවරණයේ වැදීමෙන් බෝනර් දැඩි අපහසුතාවකට පත්ව සිටි මොහොතේදී, පන්දුව හිස අවාරණයේ වැදීමට පෙර අත් ආවරණයේ වැදී ඇත්දැයි පරික්ෂා කිරීම සඳහා ඩී.ආර්.එස්. ක්‍රමවේදය භාවිතා කරන ලෙසට දකුණු අප්‍රිකානු ක්‍රීඩක‍යෝ විනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කළහ.

පන්දුව හිස ආවරණයේ වැදීම සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණයකට පසුව බෝනර් පන්දු 32 කට මුහුණ දෙමින් කඩුල්ලේ රැදී සිටි නමත් ලකුණු 10 ක් ලබා සිටියදී ඔහු කගිසෝ රබාඩාගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

පළමු ඉනිමේදී ලකුණු 97 කට දැවී යෑමෙන් පසුව පන්දු රැකීම සඳහා පිටියට පිවිසි කොදෙව් පිලට බෝනර් ඇතුළත් ‍නොවූ අතර කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් බෝනර් මහත් කම්පනයට පත්ව සිටින බව නිවේදනය කළේය.

බෝනර්ගේ සහන ආදේශක ක්‍රීඩකයා ලෙස කිරන් පවෙල් තරගයේ ඉතිරි කොටසට සහභාගි වන අතර ඔහු කොදෙව් දෙවැනි ‍ඉනිමේදී ආරම්භක පිතිකරුවා ලෙසද කටයුතු කළේය. ඒ සඳහා කොදෙව් කණ්ඩායමට තරග තීරක රිචී රිචඩ්සන් මහතාගේ අනුමැතිය හිමි විය.

-036


අදහස් (0)

පන්දුව වැදීමෙන් බෝනර් ප්‍රකම්පනයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.