එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර ලෝඞ්ස් ක්‍රිඩාංගණයේදී අද (29 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කරගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය. කෙසේ වුවත් පළමු සහ දෙවැනි තරග ජයගෙන තිබීම හේතුවෙන් දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත වූ එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට එංගලන්තයට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 154 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ ඕවර 28.5 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 65 කදී ලකුණු 55 ක නොබිදුණ සම්බන්ධතාවක් ගොඩනැගූ ජේ. පී. ඩුමිනි (නොදැවී 28) සහ ඒ. බී. ඩිවිලියස් (නොදැවී 27) දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජයග්‍රණය ඉක්මන් කළහ.
ආරම්භක පිතිකරුවන් වූ හෂීම් අම්ලා (55) සහ ක්වින්ටින් ඩි’කොක් (34) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 90 කදී ලකුණු 95 ක සම්බන්ධතාවක් ගොඩනගමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ. පන්දු 54 කදී වාර්තා වූ අම්ලාගේ 33 වැනි අර්ධ ශතකය හතරේ පහර 11 කින් සමන්විත වූ අතර පන්දු 39 කදී වාර්තා වූ ඩි’කොක්ගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ඕවර 31.1 තුළ ලකුණු 153 කට සීමා කිරීමට දකුණු අප්‍රිකානු පන්දුයවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ කගිසෝ රබාඩා ලකුණු 39 කට කඩුලු 4 ක් දවාගනිමින් එංගලන්ත පිතිකරුවන් අසරණ කළේය. වේන් පානෙල් සහ කේෂව් මහරාජ් කඩුලු 3 බැගින් දවාගනිමින් එංගලන්ත ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා රබාඩාට අනගි සහායක් දුන්හ.
එංගලන්ත කණ්ඩායමේ පිතිකරුවන් 8 දෙනෙක්ම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් පෙර ආපසු ක්‍රීඩාගාරය බලා යද්දී, ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ජොනී බෙයාස්ට්‍රෝ පන්දු 67 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 51 ක් රැස්කළේය.
ලකුණු 20 කට කඩුලු 6 ක් බිඳ වැටී එංගලන්ත කණ්ඩායම අසරණ තත්ත්වයකට මුහුණපා සිටි අවස්ථාවේදී ඬේවිඞ් විලී (26) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 84 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක් ගොඩනැගූ බෙයාස්ට්‍රෝ, ඉන් නොනැවතී ටොබී රෝලන්ඞ් ජෝන්ස් (නොදැවී 37) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 50 කදී ලකුණු 52 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ඒ. බී. ඩිවිලියස් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා එංගලන්තය කණ්ඩායමට ආරාධනා කර සිටි අතර ඩිවිලියස් පිට පිටම කාසියේ වාසිය දිනාගත් 8 වැනි අවස්ථාව මෙය විය.
එංගලන්තය - ඕවර 31.1 කදී සියලු දෙනා දැවී 153
(ජොනී බෙයාස්ට්‍රෝ 51, ඬේවිඞ් විලී 26, ටොබී රෝලන්ඞ් ජෝන්ස් නොදැවී 37, කගිසෝ රබාඩා 39/4, කේෂව් මහරාජ් 25/3, වේන් පානෙල් 43/3)
දකුණු අප්‍රිකාව - ඕවර 28.5 කදී කඩුලු 3 ක් දැවී 156
(හෂීම් අම්ලා 55, ක්වින්ටින් ඩි’කොක් 34, ජේ. පී. ඩුමිනි නොදැවී 28, ඒ. බී. ඩිවිලියස් නොදැවී 27, ජේක් බෝල් 43/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.