Last Update  :  2025-06-05 12:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පන්ජාබ් ක්‍රීඩකයෝ අවසන් සටනට
අයි.පී.එල්. - 2025

පන්ජාබ් ක්‍රීඩකයෝ අවසන් සටනට

editorial - 2025 ජුනි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටය යටතේ ඊයේ (1 වැනිදා) අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කළ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 204 ක ඉලක්කයක් හඹාගිය පන්ජාබ් ක්‍රීඩකයෝ ඕවරයක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී ඉලක්කය පසුකර ගියහ. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රෙයාස් අයියර් පන්දු 41 කදී හයේ පහර 8 ක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 87 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. 

එහිදී නෙහාල් වධීරා (48) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 47 කදී ලකුණු 84 ක සම්බන්ධතාවක් ගොඩගැනීමටද අයියර් සමත් විය. පන්දු 29 කදී වාර්තා වූ වධීරාගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය. ජොෂ් ඉන්ග්ලිෂ් පන්දු 21 කින් ලකුණු 38 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 203 ක් ලබාගත් අතර එහිදී දක්ෂ පිතිහරඹයන්හි නිරත වූ නායක සූර්යකුමාර් යාදව් සහ තිලක් වර්මා ලකුණු 44 බැගින් රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. 

පන්දු 26 කදී වාර්තා වූ යාදව්ගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 4 කින්ද, පන්දු 29 කදී වාර්තා වූ වර්මාගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 2 කින්ද සමන්විත විය. අවසන් ඕවර කිහිපයේදී පන්දු 18 කට මුහුණදුන් නාමන් ධීර් ලකුණු 37 ක් රැස්කරමින් මුම්බායි ඉනිමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට ගෙන ගියේය. 


මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 203 
(ජොනී බෙයාස්ටෝ 38, තිලක් වර්මා 44, සූර්යකුමාර් යාදව් 44, හර්දීක් පාණ්ඩ්‍යා 15, නාමන් ධීර් 37, අස්මතුල්ලා ඔමර්සායි 43/2) 

පන්ජාබ් කිංග්ස් පිල - ඕවර 19 කදී කඩුලු 5 ක් දැවී 207 
(ප්‍රියන්ෂ් ආර්ය 20, ජොෂ් ඉන්ග්ලිෂ් 38, ශ්‍රෙයාස් අයියර් නොදැවී 87, නෙහාල් වධීරා 48, අෂ්වනී කුමාර් 55/2) 

-036 


අදහස් (0)

පන්ජාබ් ක්‍රීඩකයෝ අවසන් සටනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.