Last Update  :  2025-12-18 18:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පන්දු රැකීමේ නව පුහුණුකරු ශ්‍රීධර්

පන්දු රැකීමේ නව පුහුණුකරු ශ්‍රීධර්

editorial - 2025 දෙසැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ඉන්දීය ජාතිකයකු වන ආර්. ශ්‍රීධර් මහතා පත්කර තිබේ. ශ්‍රීධර් මහතාගේ පත්වීම ලබන වසරේදී පැවත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අවසානය දක්වා බලපැවැත්වෙනු ඇත. 

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ III වැනි මට්ටමේ සුදුසුකම් ලත් පුහුණුකරුවෙකු වන ශ්‍රීධර් මහතා වසර 2014 සිට 2021 දක්වා ඉන්දීය ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කළේය. මෙම කාලය ඇතුළත ඉන්දීය කණ්ඩායම ජාත්‍යන්තර තරඟ 300 කට අධික සංඛ්‍යාවක් ක්‍රීඩා කර තිබේ. 

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රමිතිය වැඩිදියුණු කිරීම කෙරෙහි ශ්‍රීධර් මහතාගේ අවධානය යොමුවන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙතෙක් සිටි පන්දු රැකීමේ පුහුණුකරුවා වන උපුල් චන්දන මහතා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට අනුයුක්ත කර ඇතැයි වාර්තා වේ. පාකිස්තානයට සහ එංගලන්තයට එරෙහිව ලබන ජනවාරි මාසයේදී පැවැත්වෙන සංචාරවලදී ශ්‍රීධර් මහතාගේ නිල කාර්යභාරයන් ආරම්භ කෙරෙනු ඇත.

ශ්‍රීධර් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ආගන්තුකයෙකු නොවේ. මෙම වසර මුලදී ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේදී පැවැති දින 10 ක විශේෂිත පන්දු රැකීමේ වැඩසටහනක් සඳහාද ශ්‍රීධර් මහතා සහභාගි විය. 

“ක්‍රීඩකයින් පන්දුවත් සමගින් නිරන්තරව සම්බන්ධ වී සිටින විට පන්දු රැකීම වඩාත් දියුණු තලයකට ඒවි. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ තියෙන සාම්ප්‍රදායික ශක්තීන් වගේම- ඉක්මන් අත් - නෙත් ක්‍රියාකාරීත්වය මගින් පන්දු රැකීමේ හැකියාවන් වඩාත් දියුණු තත්ත්වයකට පත්කළ හැකියි” යයි ශ්‍රීධර් මහතා පැවසීය. 

ශ්‍රීධර මහතාගේ පත්වීම 2025 දෙසැම්බර් 11 සිට 2026 මාර්තු 10 දක්වා බලපැවැත්වෙනු ඇත.

-213


අදහස් (0)

පන්දු රැකීමේ නව පුහුණුකරු ශ්‍රීධර්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.