Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පංජාබ් පිලට ලකුණු 54 ක ජයක්
අයි.පී.එල්. 2022

පංජාබ් පිලට ලකුණු 54 ක ජයක්

editorial - 2022 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලයම් ලිවිංග්ස්ටන්ගේ (60) පිතිහරඹයත්, පන්දු යවන්නන්ගේ දක්ෂතාවත් හේතුවෙන් චෙන්නායි සුපර් කිංග්ස් පිලට එරෙහිව අද (3 වැනිදා) මුම්බායිහිදී පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 11 වැනි තරගය ලකුණු 54 කින් ජය ගැනීමට පංජාබ් කිංග්ස් පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 181 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි සුපර් කිංග්ස් පිලට ඕවර 18 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණූ 126 ක් පමණි.

ශිවම් ඩුබේ පන්දු 30 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 57 ක් ලබාගත් නමුත් සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට ඒමට පංජබ් පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවූහ. මහේන්ද්‍ර සිං දෝනිට පන්දු 28 කදී හයේ පහරක් සහ හතරෙ පහරක් සමගින් ලබාගැනීමට හැකිවූයේ ලකුණු 23 ක් පමණි.

රාහුල් චාහර් කඩුලු 3 ක් ද, වයිභව් අරෝරා සහ ලයම් ලිවිංග්ස්ටන් කඩුලු 2 බැගින් දවාගනිමින් චෙන්නායි පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වූහ.

කාසියේ වාසිය දිනූ චෙන්නායි සුපර් කිංග්ස් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පංජාබ් කිංග්ස් පිල කඩුලු 8 ක් දැවී ලකුණු 180 ක් ලබාගැනීමට සමත්විය.

ලයම් ලිවිංග්ස්ටන් පන්දු 32 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 60 ක් ලබාගත් අතර ශීකර් ධවාන් ලකුණු 33 ක් සහ ජිතේෂ් ෂර්මා ලකුණු 26 ක් ලබාගනිමන් පංජාබ් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ.

ක්‍රිස් ජෝර්දාන් සහ ඞ්වයින් ප්‍රෙටෝරියස් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.
ලයම් ලිවිංග්ස්ටන් තරගයේ වීරයාට හිමි සම්මානය දිනාගත්තේය.

 

පංජාබ් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 180
(ශීකර් ධවාන් 33, ලයම් ලිවිංග්ස්ටන් 60, ජිතේෂ් ෂර්මා 26, ක්‍රිස් ජෝර්දාන් 23/2, ඞ්වයින් ප්‍රෙටෝරියස් 30/2)

චෙන්නායි සුපර් කිංග්ස් - ඕවර 18 කදී සියලුදෙනා දැවී 126
(ශිවම් ඩුබේ 57, මහේන්ද්‍ර සිං දෝනි 23, රාහුල් චාහර් 25/3, වයිභව් අරෝරා 21/2, ලයම් ලිවිංග්ස්ටන් 25/2)

- 2079


අදහස් (0)

පංජාබ් පිලට ලකුණු 54 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.