Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පි‍්‍රයමාල් සංඝබෝධියට ජය ගෙනෙයි

පි‍්‍රයමාල් සංඝබෝධියට ජය ගෙනෙයි

දිලිනි මල්රුක්ෂි - 2015 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නිට්ටඹුව සංඝබෝධි විදුහල සහ උඩුගම්පොළ සෙනරත් පරණවිතාන විදුහල අතර පැවැති වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 148 ක ජයක් අත්කර ගැනීමට සංඝබෝධි විදුහල සමත් විය.

ඉනිමක පරාජයකින් ගැලවීම සඳහා ලකුණු 263 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදුන් සෙනරත් පරණවිතාන විදුහලට, දෙවැනි ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 115 ක් පමණි.

දක්ෂ පිතිහරඹයක නිරත වූ ධනුෂ පි‍්‍රයමාල්, ලකුණු 107 ක් රැස්කරමින් සංඝබෝධි විදුහලේ පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව 400 සීමාව කරා ඔසවා තැබීය.

ඉන් නොනැවතුණ පි‍්‍රයමාල්, සෙනරත් පරණවිතාන විදුහලේ දෙවැනි ඉනිමේදී ලකුණු 34 කට කඩුලූ 5 ක් දවාගැනීමටද සමත් විය.

සෙනරත් පරණවිතාන විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 139
(එම්.එස්. මධුෂාන් 39, චේතිය සමීර 35/5, යශෝධ ඉසුරංග 30/4)

සංඝබෝධි විදුහල පළමු ඉනිම - කඩුලූ 9 ක් දැවී 402
(ධනුෂ පි‍්‍රයමාල් 107, උෂාන් හර්ෂණ 63, මධුෂාන් රංගන 62, යශෝධ ඉසුරංග 45)

සෙනරත් පරණවිතාන විදුහල දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී 115
(වී. ටී ජයකොඩි 60, ධනුෂ පි‍්‍රයමාල් 34/5)

036


අදහස් (0)

පි‍්‍රයමාල් සංඝබෝධියට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.