අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පිළියන්දල මැදි විදුහල සහ සීදුව සාන්ත තෝමස් කතෝලික ජාත්‍යන්තර පාසල් ‘බී’ කණ්ඩායම අතර පිළියන්දල මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට පිළියන්දල මැදි විදුහල සමත් විය.
එහිදී පිළියන්දල මැදි විදුහලේ දිනිල සංජන ලකුණු 26 කට කඩුලු 5 ක්ද, සා.තෝමස් කතෝලික ජාත්‍යන්තර පාසලේ දුෂාන් සිල්වා ලකුණු 45 කට කඩුලු 5 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
පිළියන්දල මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 30.1 කදී සියලු දෙනා දැවී 113
(තරිඳු නෙත්මාල් 28, ජයනික කල්හාර 22, දුෂාන් සිල්වා 45/5)
සා.තෝමස් කතෝලික ජාත්‍යන්තර පාසල් පළමු ඉනිම - ඕවර 28 කදී සියලු දෙනා දැවී 87
(චේතන පියසිංහ 43, දිනිල සංජන 26/5)
පිළියන්දල මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 29 කදී කඩුලු 2 ක් දැවී 160
(ජෙනුත් රන්මිර නොදැවී 61, ලවිඳු මෙවන් 44)
සා.තෝමස් කතෝලික ජාත්‍යන්තර පාසල් දෙවැනි ඉනිම - ඕවර 9 කදී කඩුලු 3 ක් දැවී 34
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.