Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පී.සී.ආර්. පරීක්‍ෂණ 3 කින් පසුව දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක ඇන්රිච් නෝයේ දිල්ලි කැපිටල්ස් පිලේ ජෛව ආර්ක්‍ෂිත බුබුල සමගින් එක්වූ බව දිල්ලි කැපිටල් පිල නිවේදනයක් නිකුත් කර ඇත.
නිරෝධායන කාලය අවසන් වීමෙන් පසු නෝයේ සම්බන්ධයෙන් කරන ලද පී.සී.ආර් පරීක්‍ෂණයක් ධනාත්මක වූ බව දිල්ලි කැපිටල් පිල තහවුරු කළේය. එහෙත් පසුව කළ පී.සී.ආර්. පරීක්‍ෂණ 3 කින් තහවුරු වූයේ පළමු පරීක්‍ෂණයේ ප්‍රතිඵලය ‘ව්‍යජ ධනාත්මක’ එකක් බවයි.
“ඔහු මෙහි ඉන්නවා. අපගේ සුපිරි වේගපන්දු යවන්නා දැන් නිරෝධායනය අවසන් කරලා. පී.සී.ආර් පරීක්‍ෂණයක ව්‍යාජ ධනාත්මක ප්‍රතිඵලයකින් පසුව, ඇන්රිච් නෝයේට තුන් වතාවක් පී.සී.ආර් පරීක්‍ෂණ කළා. ඒවා ඍණාත්මකවූ නිසා දැන් ඔහු අපගේ කණ්ඩායම් බුබුලේ කොටසක්.... ඔහු ක්‍රීඩා කරනතුරු අපි නොයිවසිල්ලෙන් බලා ඉන්නවා” යැයි දිල්ලි කැපිටල් කණ්ඩායම නිල ට්විටර් පණිවුඩයින් කියා තිබිණ.
2021 අයි.පී.එල් තරගාවලියේ දෙවැනි තරගයට ඊයේ (15 වැනිදා) සහභාගිවූ දිල්ලි කැපිටල් පිල කඩුලු 3 කින් රාජස්තාන් රෝයල්ස් පිල හමුවේ පරාජයට පත්විය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.