
(ශානුක අරවින්ද)
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 4.8 කට නුවන් තුෂාරද, කෝටි 4.6 කට ඩිල්ෂාන් මධුෂංකද මිලදී ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකරුවෝ ඉදිරිපත් වූහ. එහිදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් වනිඳු හසරංග මිලදීගනු ලැබුවේ ඉන්දීය රුපියල් කෝටි 1.5 මුදලකටය.
තුෂාර සහ ඩිල්ෂාන් ඉන්දීය රුපියල් ලක්ෂ 50 මුලික ලන්සු යටතේ වෙන්දේසියට ඉදිරිපත් කෙරුණු අතර එහිදී දල වශයෙන් තුෂාරට හිමිවූ මුදල ශ්‍රී ලංකා රුපියල් කෝටි 19 කටද, ඩිල්ෂාන්ට හිමිවූ මුදල ශ්‍රී ලංකා රුපියල් කෝටි 16 කටද ආසන්න විය.
ඉන්දීය රුපියල් කෝටි 1.5 ක මුලික ලන්සුවක් යටතේ වෙන්දේසියට ඉදිරිපත් කෙරුණු වනිඳු, එම මූලික ලන්සුවටම මිලදී ගැනීමට ඉදිරිපත් වූයේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමය. එහිදී ඔහුට හිමිවූ මුදල දල වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 6 ක් පමණ විය.
මින් පෙර 2022 වසරේ පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 10.75 ක මුදලකට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට අලෙවි වූ වනිඳු, මෙම වසරේදී හයිද්‍රාබාද් කණ්ඩායම මිලදී ගත්තේ ඊට වඩා ඉන්දීය රුපියල් කෝටි 9.25 ක් අඩුවෙන් වීම කැපී පෙණුන සිදුවීමක් විය.
ඩුබායි නුවර අද (19 වැනිදා) පැවැති මෙම ක්‍රීඩක වෙන්දේසියේදී කණ්ඩායම් 10 සඳහා විදෙස් ක්‍රීඩකයන් 30 දෙනෙක් අලෙවි වූ අතර එහිදී අලෙවි නොවූ ක්‍රීඩකයන් අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන කුසල් මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, දසුන් ශානක, චරිත් අසලංක සහ ළහිරු කුමාරද වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.