Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නැමීබියාවෙන් ‘බෝම්බ බලකායක්’

නැමීබියාවෙන් ‘බෝම්බ බලකායක්’

editorial - 2021 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම - දමින්ද විජේසූරිය)

ශී‍්‍ර ලංකා කණ්ඩායමට, විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටය ආරම්භ කිරීමට සිදුවන්නේ නැමීබියානු පිලට එරෙහිවය. ශී‍්‍ර ලංකාව විස්සයි-20 ශ්‍රේණිගත කිරීම් අතරේ 10 වැනි ස්ථානයේ සිටින නමුත් ශ්‍රේණිගත ලයිස්තුවේ 19 වැනි ස්ථානයේ සිටින තමන් ගැන අවතක්සේරු නොකරන්න’යි නැමීබියානු පුහුණුකරු පියරේ ද බෘයින් පවසයි.

   අජන්ත මෙන්ඩිස් ලෝක වාර්තාව අලුත් කරයි
   ඩිල් ස්කූප් පහරේ උපත
  හේරත් වමතින් නවසීලන්තයම කරකවයි
   මහේල කසකාරයාගේ භූමිකාවට පිවිසෙයි
   අපරාජිත කණ්ඩායමක බලාපොරොත්තු කඩවී
   වසර පහක උත්සාහයේ අග්‍ර ඵලය

මේ අවුරුද්දේදී විස්සයි-20 අන්තර්ජාතික තරග 6ම ජයග‍්‍රහණය කර තිබෙන නැමීබියාව මේ වසරේදී සහභාගි වූ අන්තර්ජාතික තරග 12 කින් පරාජය වී ඇත්තේ ද එකක් පමණි. විස්සයි-20 අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාවේදී (දෙවැනි පෙළ කණ්ඩායම් වලට එරෙහිව) නැමීබියාවේ තරග වාර්තාව තරග 22 කින් ජයග‍්‍රහණ 18 කි.  

පුහුණුකරු පියරේ ද බෘයින් කියන පරිදි නැමීබියාව මෙවර ලෝක කුසලාන තරගාවලියට පැමිණ ඇත්තේ සහභාගි වන්නන්ට පිරිනැමෙන ගතමනාව අරගෙන යාමට පමණක් නොවේ. සුදුසුකම් තේරීමේ වටයේදී ‘ඒ’ කාණ්ඩයේ සිටින කණ්ඩායම් දෙකක් ඉවතට තල්ලූ කරමින් ප‍්‍රධාන තරගාවලියට කී‍්‍රඩා කරන කණ්ඩායම් 12 අතරට සුදුසුකම් ලබාගැනීම නැමීබියානු කී‍්‍රඩකයන්ගේ ඒකායන අරමුණ වී තිබේ.

”එයින් නැමීබියාවේ කි‍්‍රකට් කී‍්‍රඩාවට සිදුවන බලපෑම සුළුපටු එකක් හෙම නෙමේ. අපි ලබන වසරේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියටත් එක එල්ලේම සුදුසුකම් ලබාගන්නවා. අනෙක ඒ සමගම එන මූල්‍ය වාසි කෙළවරක් නෑ”
”අපේ පැත්තෙන් බැලූවාම අවදානම ඉහළයි. මේ ව්‍යායාමය අසාර්ථක වුණොත් අපට බොහෝ දේවල් නැතිවෙනවා.... සමහර විට ඒවා අනෙක් සියලූම කණ්ඩායම් වලට නැතිවෙන දේවල් වලට වඩා වැඩි වෙන්න පුළුවන්. මා කියන්නේ මුදල් විතරක් නෙමේ. තවත් බොහෝ දේවල්” යයි පියරේ ද බෘයින් ප‍්‍රංශ පුවත් සේවයට පවසා තිබිණ.

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ආධාර මතින් නැගී සිටි නැමීබියාව වසර දෙකකට ඉහතදී එක්දින අන්තර්ජාතික වරම් හිමිකර ගත්තේය. එම තත්ත්වය නැමීබියානු කණ්ඩායමට මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පැමිණීම සඳහාත් මහ`ගු පිටිවහලක් විය. එහෙත් සියල්ල රඳා පවතින්නේ එම තත්ත්වය රඳවා ගැනීම නැතහොත් මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී දක්වන දස්කම් මතය.
 
”එක්දින තත්ත්වය නිසා තමයි අපි ජීවත් වෙන්නේ. අපේ ජීවිකාවෘත්තිය ඒකයි”
”ඒක නිසා කොන්ත‍්‍රාත් කී‍්‍රඩකයන් 4 දෙනෙක් පමණක් සිටි අපේ කණ්ඩායමට කොන්ත‍්‍රාත් කී‍්‍රඩකයන් 17 ක් එක්වුණා. - වෙනත් විදියකින් කියනවා නම් එක රැයකින් අපි වෘත්තීය කී‍්‍රඩකයන් වුණා” යයි ද පුහුණුකරුවා පැවසීය.

කෙසේ වෙතත් මේ තත්ත්වයෙන් ඉතාමත් හොඳින් ප‍්‍රයෝජන ගැනීමට බෘයින් පියවර ගත්තේය. විස්සයි-20 කි‍්‍රකට් කී‍්‍රඩාව ආරම්භයේ සිටම ඉතා දැඩි ප‍්‍රහාරාත්මක පිතිකරුවකු මෙන්ම තමාගේ ප‍්‍රාන්ත පිලේ සගයකු ද වූ ඇල්බි මෝකල් නැමීබියාවට ගෙන්වා ගැනීමට බෘයින් පියවර ගත්තේය. ඒ කණ්ඩායමේ සහාය පුහුණුකරුවා ලෙසිනි.

වත්මන් නැමීබියානු කණ්ඩායම තෝරාගන ඇත්තේ නැමීබියාවේ අගනුවර වන ‘වින්ඞ්හෝක්’ නුවර පිහිටි කී‍්‍රඩා සමාජ 5 කිනි. එහෙත් නැමීබියානු කණ්ඩායමේ තත්ත්වය කෙසේවත් ලෝක මට්ටමේ තරගාවලියකට නොසෑහෙයි. එනිසා බෘයින් සහ මෝකල් එක්ව අලූත් සැලැස්මක් සකස් කළහ. එනම් ජ්‍යෙෂ්ඨ කණඩායමේ සිටින හොඳම කී‍්‍රඩකයන් සහ 19 න් පහළ කී‍්‍රඩකයන් එකතු කිරීමයි.

ලෝක කුසලාන තරගාවලියට පෙර නැමීබියාව මනා ලෙසින් සූදානම් විය. සිය අසල්වැසි රාජ්‍යයන් වන උගන්ඩාව, දකුණු අපි‍්‍රකාව සහ සිම්බාබ්වේ යන රටවල නැගී එන කණ්ඩායම් සහ දකුණු අපි‍්‍රකාවේ පෞද්ගලික හිමිකම් ඇති කණ්ඩායම් දෙකක් වන ‘ටයිටන්ස්’ සහ ‘නයිට්ස්’  ලා සමග ඔව්හු තරගාවලි කිහිපයකට සහභාගි වූහ. ඒ සෑම තරගාවලියක්ම පහසුවෙන් ජයගත් නැමීබියානුවෝ ඩුබායි බලා පැමිණීමෙන් පසුව පැවැති පුහුණු තරගද ඉතා පහසුවෙන් ජයගත්හ.

”අපි ඉතාමත් හොඳින් සූදානම් වෙලා ඉන්නේ. අපිට කරන්න පුළුවන් සියලූම දේ කරලා තියෙන්නේ. අපි යන්නේ තරග දිනන්නයි. විස්සයි-20 කි‍්‍රකට් කී‍්‍රඩාව වෙනුවෙන් අපට හොඳ සැලැස්මක් තියෙනවා” යයි ද පුහුණුකරුවා පැවසීය.

පියරේ ද බෘයින් විස්තර කරන අන්දමට එය ‘බෝම්බ බලකායකි’ නායක ජෙරාඞ් එරැුස්මස්, දකුණු අපි‍්‍රකාවේ හිටපු තුන් ඉරියව් කී‍්‍රඩක ඬේවිඞ් වීස් සහ ජේ.ජේ. ස්මිත් අධි බලැති ප‍්‍රහාරකයෝ තිදෙනෙකි. පිිතිකරු ලයිස්තුවේ අංක 4 සිට 6 වැනි ස්ථාන පිරවෙන්නේ මේ තිදෙනාගෙනි. ඔවුන් අතුරින් ජේ.ජේ. ස්මිත්ගේ පන්දුවට පහර දීමේ රටාව, විස්සයි-20 කි‍්‍රකට් කී‍්‍රඩාව අතැඹුලක් සේ දන්නා ඇල්බි මෝකල්ගේ මහත් ප‍්‍රසාදයට හේතු වී තිබේ.

”ජේ.ජේ.ට වදින්න ගත්තොත් එයා ඩුබායි කී‍්‍රඩාංගණයේ පේ‍්‍රක්‍ෂකයන් සිටින දෙවැනි තට්ටුවටත් පන්දුව යවාවි” යයි පුහුණුකරුවා කියයි.

නැමිබියානු පිල සතුව ඇත්තේ ලෝකයේ වෙනත් කණ්ඩායම් සතුව නොමැති පන්දු යැවීමේ අංශයකි. එහි වමත්කාරයෝ හත් දෙනෙක් සිටිති. ඔවුන් අතුරින් මඳ වේග පන්දු යවන්නකු වන යාන් ෆ‍්‍රයිලින්ක්  ඕමානයට එරෙහිව පැවැති වි-20 අන්තර්ජාතික තරගයකදී ලකුණු 24 කට කඩුලූ 6 ක් දවාගත්තේය.

දැන් ඉතිරිව ඇත්තේ තරග කිරීමයි.

කි‍්‍රකට් කී‍්‍රඩාවේදී අනාවැකි පළකිරීම නොකළ යුතු දෙයකි. විස්සයි-20 තරග වලදී එය කොහොමටත් කළ නොහැකිය.

 


අදහස් (0)

නැමීබියාවෙන් ‘බෝම්බ බලකායක්’

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.