Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නැඟී එන කණ්ඩායම් ශූරතාව එස්.එස්.සී. පිලට

නැඟී එන කණ්ඩායම් ශූරතාව එස්.එස්.සී. පිලට

Nisanka Sandeepani - 2018 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නැඟී එන කණ්ඩායම් අතර පැවැති ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට එස්.එස්.සී. කණ්ඩායම ඊයේ (26 වැනිදා) සමත්විය. ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් තරගයේදී කෝල්ට්ස් කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකරගත් එස්.එස්.සී. කණ්ඩායම ශූරතාවට හිමිකම් කීය.

පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් කෝල්ට්ස් කණ්ඩායමට තරගයේ දෙවැනි සහ අවසන් දිනයේදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 197 ක් පමණි. ලකුණු 35 ක් ලබාගත් අවිශ්ක ප්‍රනාන්දු කෝල්ට්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර සධීර සමරවික්‍රම ලකුණු 33 ක් රැස්කරනු ලැබීය.

තරිඳු රත්නායක සහ ආකාෂ් සේනාරත්න කඩුලු 3 බැගින්ද චරිත් අසලංක කඩුලු 2 ක් ද දවාගනිමින් කෝල්ට්ස් කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකිරීමට සමත්වූහ.

කෝල්ට් කණ්ඩායම පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවකට වඩා ලකුණු 188 ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹූ එස්.එස්.සී. කණ්ඩායම දිනය නිමාවන විට කඩුලු 2 ක් දැවී ලකුණු 103 ක් රැස්කළේය.

සම්මු අෂාන් (72) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය.

එස්.එස්.සී කණ්ඩායම - පළමු ඉනිම - ඕවර 84.3 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 385
(චරිත් අසලංක 115, සඳුන් වීරක්කොඩි 84, කවිඳු කුලසේකර 67, ක්‍රිෂාන් සංජුල නොදැවී 26, මහේෂ් තීක්‍ෂණ 76/3, කවිෂ්ක අංජුල 60/2, චලන ද සිල්වා 94/2)

කෝල්ට්ස් කණ්ඩායම - පළමු ඉනිම - ඕවර 53.4 කදී සියලුදෙනා දැවී ලකුණු 197
(අවිශ්ක ප්‍රනාන්දු 35, සධීර සමරවික්‍රම 33, මහේෂ් තීක්‍ෂණ නොදැවී 27, ජෙහාන් ඩැනියල් 23, හෂාන් දුමිඳු 21, තරිඳු රත්නායක 45/3, ආකාෂ් සේනාරත්න 68/3, චරිත් අසලංක 17/2)

එස්.එස්.සී කණ්ඩායම - දෙවැනි ඉනිම - ඕවර 19.3 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 103
(සම්මු අෂාන් 72)


අදහස් (0)

නැඟී එන කණ්ඩායම් ශූරතාව එස්.එස්.සී. පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.