Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නාලන්දා මුල් ඉනිමට ලකුණු 166 ක්

නාලන්දා මුල් ඉනිමට ලකුණු 166 ක්

ශනුක අරවින්ද - 2015 ජන මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ නාලන්දා විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර මහනුවරදී පැවැත්වෙන වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයේ පළමු දිනය නිමාවන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ධර්මරාජ විදුහල කඩුලූ 3 ක් දැවී ලකුණු 111 ක් ලබා සිටියේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් නාලන්දා විදුහල සියලූ දෙනා දැවී ලකුණු 166 ක් ලබාගත් අතර නාලන්දා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ දසුන් සෙනෙවිරත්න ලකුණු 60 ක් රැස්කළේය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ළහිරු සමරකෝන් ලකුණු 46 කට කඩුලූ 5 ක් දවාගැනීමට සමත් විය.

නාලන්දා විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 166
(දසුන් සෙනෙවිරත්න 60, සෙනුර පෙරේරා 26, ඩිලාන් සුරවීර 23, ළහිරු සමරකෝන් 46/5, වෙනුක ගලහිටියාව 39/3)
 
ධර්මරාජ විදුහල පළමු ඉනිම - කඩුලූ 3 ක් දැවී 111
(රුචිර පුපුලේවත්ත 35, දේෂාන් ගුණසිංහ නොදැවී 20, කාවින්ද රත්නායක නොදැවී 19, අයන්ත ද සිල්වා 25/3)

-036


අදහස් (0)

නාලන්දා මුල් ඉනිමට ලකුණු 166 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.