Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නාලන්දා මැදි විදුහලට මුල් ඉනිමේ ජයක්

නාලන්දා මැදි විදුහලට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල සහ වේයනගොඩ බණ්ඩාරනායක මැදි විදුහල අතර වේයන්ගොඩදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට නාලන්දා මැදි විදුහල සමත් විය.

එහිදී නාලන්දා මැදි විදුහලේ පසිඳු හපුආරච්චි (63) සහ කවිඳු මදුරංග (51) අර්ධ ශතක ලබාගැනීමට සමත් වූ අතර බණ්ඩාරනායක මැදි විදුහලේ මලිඳු මානබරණ (නොදැවී 104) ශතකයක් ලබාගත්තේය.


නාලන්දා මැදි විදුහල පළමු ඉනිම - ඕවර 82.5 කදී සියලු දෙනා දැවී 212
(පසිඳු හපුආරච්චි 63, කවිඳු මදුරංග 51, නිපුන් කනිෂ්ක 41, මලීෂ කලංසූරිය 49/3, චමත් ප්‍රනාන්දු 44/3)

බණ්ඩාරනායක මැදි විදුහල පළමු ඉනිම - ඕවර 70.4 කදී සියලු දෙනා දැවී 208
(මලිඳු මානබරණ නොදැවී 104, නිපුන් සන්තුෂ් 41, නදුන් කල්හාර 26/3, ජනිත් මුතුගල 37/3)

නාලන්දා මැදි විදුහල දෙවැනි ඉනිම - ඕවර 43 කදී කඩුලු 8 ක් දැවී 73
(නිමේෂ් ප්‍රබර්ෂන නොදැවී 28, ගිම්හාන් ජයකොඩි 23, චමත් කල්හාර 6/4)

 


අදහස් (0)

නාලන්දා මැදි විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.