අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල සහ මීගමුව ශාන්ත ජෝෂප් විදුහල අතර ගොඩිගමුවේදී පැවැති III කොටසේ තරගයෙන් ලකුණු 2 ක තියුණු ජයක් වාර්තා කිරීමට නාලන්දා මැදි විදුහල සමත් විය.
එහිදී නාලන්දා මැදි විදුහලේ චානක සමීර (54) සහ දසුන් අචිර (50) අර්ධ ශතක ලබාගැනීමට සමත් වූ අතර එම විදුහලේම ජනිත් මුතුගල ලකුණු 30 කට කඩුලු 3 ක් දවාගත්තේය.
නාලන්දා මැදි විදුහල - ඕවර 48 කදී සියලු දෙනා දැවී 226
(චානක සමීර 54, දසුන් අචිර 50, පසිඳු සඳරුවන් 31, ආලෝක ලක්ෂාන් 24/4, කළණ කාවින්ද 31/2, මෂින් ෆොන්සේකා 33/2)
ශාන්ත ජෝෂප් විදුහල - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 224
(මලිත් කාවින්ද 71, අෂේන් ඩයස් 43, මෂින් ෆොන්සේකා 40, ජනිත් මුතුගල 30/3, සෂික සමීර 26/2, චානක සමීර 73/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.